Chitika Smowtion 468x60


Thursday, February 16, 2012

බිලී ඕෂන්ගේ සංගීත ප‍්‍රසංගයේදී මහින්දානන්දට ‘හූ’ හඩක්


පෙබරවාරී 14 වන දා පස්වරුවේ සවස කොළඹ කන්වෙන්ෂන් ශාලාවේ පැවති, ජාත්‍යන්තර කීර්තියට පත් ගායක බිලී  ඕෂන්ගේ සංගීත ප‍්‍රසංගයේදී ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට විනාඩි 10 කට වැඩි ‘හූ’ හඩක් පලකරමින් ගීතරසිකයින් විරෝධය පළකර තිබේ.
80 දශකයේ අතිශයින් ජනප‍්‍රියව සිටි බිලී  ඕෂන්ගේ මෙම සංගීත ප‍්‍රසංගය සඳහා ශ‍්‍රී ලාංකීය ඉංග‍්‍රීසි ගීත ලෝලීන් දහස් ගණනක් පැමිණ සිටි අතර උත්සවය ආරම්භයේදී සිංගප්පූරු ජාතික වැඩසටහන් මෙහෙයවන්නා මෙම ප‍්‍රසංගයේ ප‍්‍රධාන අමුත්තා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා බව ප‍්‍රකාශ කිරීමත් සමග එම ‘හූ’ හඩ පැතිර ගොස් තිබේ.

(ප්‍රසංගයේ ඡායාරූප බලන්න පහතින්..)


අනතුරුව මෙම ගීත ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට සිටියේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බවත්, ඇය ජනාධිපතිවරයා සමග සිංගප්පූරුවේ නිල සංචාරයකට සහභාගී වී ඇති බවත්, වැඩසටහන් මෙහෙයවන්නා ප‍්‍රකාශ කිරීමත් සමගද පෙර පරිදිම ‘හූ’ හඩක් පැතිර ගොස් ඇති අතර සමහර පිරිස් ඉංග‍්‍රීසි බසින් උසුලූ විසුලූ කිරීම්ද සිදුකර තිබේ.

මෙම ගී ප‍්‍රසංගය නැරඹීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාද පැමිණ සිටියේය.



Source - lankanewsweb.com

Share this article with your friends