Chitika Smowtion 468x60


Thursday, February 16, 2012

ජනරාල් නිදහස් කිරීම කල් තැබේ


බන්ධනාගාර ගත කොට සිටින ජනරල් සරත් ෆොන්සේකා මහතා ඉක්මනින්ම නිදහස් කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනරාල්ගේ නියෝජිතයන් වෙත දැනුම් දී තිබුණද, රට තුළ මතු වී තිඛෙන දේශපාලන තත්ත්වය හමුවේ ඊට අදාළ කටයුතු කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ මස අගදී ජිනීවාහි රැස්වීමට පෙර ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළ ලියකියවිලි සකසන ලෙස ජනාධිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් බුවනෙක අලූවිහාරේ මහතාට උපදෙස් දී තිබුණද, ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරයට යෑමට පෙර එම ලිපිගොනුව යළි ගෙන්වාගෙන තිබේ.
ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ රට තුළ මතු වී ඇති විරෝධතාවයන් කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති බවත් ඒ අනුව ජිනිවාහි මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අවසන් වූ වහාම යළි හදිසි නීතිය පැනවීමට තීරණය කර ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Source - lankanewsweb.com

Share this article with your friends