Chitika Smowtion 468x60


Thursday, February 16, 2012

මියගිය ධීවරයාගේ පවුලේ අය බිලීබාගැනීමේ උත්සාහය අසාර්ථක වේ


ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණය නියුතුව සිටිය දී හමුදා වෙඩි පහරකට ලක්ව මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ ඥාතීන් නිහඬ කර ගැනීමට ආණ්ඩුව දැරූ උත්සාහයක් අසාර්ථක වී තිබේ.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පූජික විෙජ්සුන්දර මහතා සමඟ පැමිණි ප්‍රාදේශීය දේශපාලඥයකු මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ ඥාතීන් වෙත රුපියල් ලක්ෂ පහක චෙක් පතක් ලබා දී ඇතත් පවුලේ ඥාතීන් එය ප්‍රතික්ෂේප කර තිබේ. අවමඟුලේ සියලූම කටයුතු රජයේ අනුග්‍රහයෙන් සිදු කිරීමට නියමිත බවත් මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේත් දරුවන් දෙදෙනාගේත් හා බිරිඳගේ අනාගතය බාර ගැනීමට ආණ්ඩුව සූදානම් බවත් මෙහිදී පවුලේ ඥාතීන් වෙත දැනුම් දී ඇති අදාළ දේශපාලඥයා, එහෙයින් අවමඟුල් කටයුතු නිමාවන තෙක් නිහව සිටින්නැයි ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.

මෙයින් කෝපයට පත් මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ මස්සිනා වන ස්ටැන්ලි කුමාර මහතා ඇතුළු ඥාතීන් එම දේශපාලඥයාත් ඔහු සමඟ පැමිණි පිරිසත් පළවා හැර ඇත.
මේවනවිට මීගමුව හලාවත ප්‍රදේශය පුරා දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබේ.
Source - lankanewsweb.com

Share this article with your friends