Chitika Smowtion 468x60


Thursday, February 16, 2012

''අපි වෙනුවෙන් ඉන්නේ මර්වින් විතරයි'' - ජනපති


ඉන්ධන මිල ඉහළ යෑමෙන් පසු රටේ ඇතිවී තිඛෙන අර්බූදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සියලූම මැතිඇමතිවරු කර හැර සිටින තත්ත්වයක් යටතේ, තමාත් තමාගේ සොහොයුරන් වෙනුවෙනුත් වචනයක් හෝ කතා කළේ අමාත්‍ය මර්වින් සිල්වා මහතා පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපතිනි පේරියල් අස්රොෆ් මහත්මිය ඇතුලූ කිහිපදෙනෙකු සමඟ ඊයේ ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට සිංගප්පූරුවට ගොස් සිටින ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව තුළ සිදුවන උද්ඝෝෂණ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බව සිංගප්පූරුවේ තානාපති කාර්යාලයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

'කැලණිය අර්බුදය' හේතුවෙන් සති කිහිපයක් මුනිවත රැක සිටි මර්වින් සිල්වා ඇමතිවරයා, තම සුපුරුදු කතා ශෛලය අනුගමනය කරමින් පෙරේදා සිට රාජපක්ෂවරුන් පිම්බීමේ ව්‍යපෘතිය ආරම්භ කර තිබේ.
ඉන්ධන ඉහළ යෑමට එරෙහිව නැග එන ජනතා විරෝධය හමුවේ ඉන්ධන විෂය භාර ආමත්‍ය සුසිල් ප්‍රේ්මජයන්ත මහතා විදේශ ගතව සිටින අතර අනෙකුත් මැති ඇමතිවරුන් තම තමන්ගේ විෂය පථය සම්බන්ධයෙන් පමණක් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සිටී.
එම තත්ත්වය යටතේ මර්වින් සිල්වා ඇමතිවරයා ඊයේ තම අමාත්‍යාංශය තුළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ඉහළින්ම වර්ණා කළේය. ආණ්ඩුවට එරෙහිව කටයුතුකරන සියලූ දෙනාටම එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ මර්වින් සිල්වා මහතා, ප්‍රජාතන්ත්‍රවාදය රැක්කා හොඳටම ඇති බවද, අවධාරණය කළේය.

Source - lankanewsweb.com

Share this article with your friends