මෙම ජංගම වැසිකිලි කොන්ත‍්‍රාත්තුව ලබාදි ඇත්තේ ජනාධිපතිවරයාට මූල්‍යාධාර සපයන අබාන්ස් සමාගමටය. තවද දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ ප‍්‍රදර්ශන කුටි ඉදිකිරීමෙන් අමාත්‍යාංශ නිලධාරින් සිදුකළ මුදල් වංචා ද මේ වනවිට හෙළිදරව් වෙමින් පවතී.
අමාත්‍යාංශ 60 ගණනකින් දැයට කිරුළ ප‍්‍රදර්ශනය සඳහා ප‍්‍රදර්ශන කුටි ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සෑම ප‍්‍රදර්ශන කුටියක් සඳහාම රජය විසින් මහජන මුදල් විශාල ලෙස වෙන්කර දී තිබේ.
ප‍්‍රදර්ශන කුටි ඉදිකිරීමේදී අඩුවියදමකින් ඒවා සකස් කර වැඩි මුදලක් සහිත බිල් පෙන්වා අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් වංචා කර ඇත.
මීට අමතරව එම නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල අය සඳහා ප‍්‍රදර්ශන පැවැත්වෙන දින ගණනාව තුල නවාතැන් ගැනීමට වෙන වෙනම නිවාස කුළියට ගෙන ඇත. ඒ සඳහා දින 10 කට ලක්ෂ එකහාමාර හා ලක්ෂය බැගින් ගෙවීමටද කටයුතු කර ඇත.
තවත් සමහර ප‍්‍රදර්ශන කුටිවල ඉදිරිපත් කර නොමැති අංග සඳහාද මුදල් වෙනකළ අවස්ථා වාර්තා වේ.
දැයට කිරුළ භූමියේ සිටුවිම් සඳහා ගෙන එන ලෙස ආණ්ඩුව විසින් නියෝග ලබාදී ඇති ගස්වර්ග ඔයාමඩුව, ඇලයාපත්තුව ගම්වාසීන්ගෙන් ඉතා අඩුමුදලකට ගෙන ඒ සඳහා වැඩි මිලක් ගෙවූ බවට බිල්පත් ඉදිරිපත් කර තිබේ.
ජනාධිපති විමර්ශන ඒකකය විසින් මේ පිළිබදව කළ පරික්ෂණයකදී බහුතරයක් නිලධාරීන් ඉතා විශාල ලෙස මුදල් වංචා කර ඇති බවට හෙලිදරව් වී ඇත.
කෙසේ වුවද එසේ බරපතල මූල්‍ය වංචාවන් සිදුවුවද පෙබරවාරි 05 වනදා වනවිට ප‍්‍රදර්ශන භූමියේ වැඩසටහන් නියමිත පරිදි අවසන් කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තාවේ.
Source - lankanewsweb.com