Chitika Smowtion 468x60


Friday, February 3, 2012

යුක්තියෙන් තොර නිදහස - ශ්‍රී ලංකාවේ නිදහස ගුණානුස්මරණය කිරීම සම්බන්ධ වූ නිවේදනයකි


රටේ නිතී ක්‍රමයම මුළුමනින්ම බලාපොරොත්තු රහිත අර්බුධයකට ලක් වී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ 64 වන නිදහස සැමරුම යෙදී තිබේ. අධිකරණ ක්‍රමය දේශාපලන වුවමනා එපාකම් හේතුවෙන් අපහරණයට පත් වී ඇති අවස්ථාවක අධිකරණයේ ස්වාධීනත්වය ගැන සැක සංකා මතු කොට තිබේ.
එසේම අව්‍යාජ වූ වැඩි දියුණුවක් වෙනුවට පොලිසිය සහ නීතීපති දෙපාර්තමේන්තුව අතිශය දුෂ්කර තත්වයකට මුහුණ පා තිබෙන අයුරු දැක ගත හැකිය. යුක්තිය සොයාගත හැක්කේ කෙසේද යන්න සියල්ලම අසන මුලික ප්‍රශ්ණය වුවත් ඊට විශ්වාශනීය පිළිතුරක් කිසිවෙකු සතුව නැත.

උසාවිය ඉදිරියේ විභාග කෙරෙන සියලුම නඩු විභාගයක්ම දේශපාලන වුවමනා එපාකම් මත හසුරුවන ලද්දක් බව පැහැදිලිව හඳුනාගත හැකිය. එසේම නීච දේශපාලන පළිගැනීම් මුදුන්පත් කර ගැනීමට ඇතැම් පුද්ගලයින්ට කරනු ලැබූ ගොතන ලද චෝදනා සෑම අවස්ථාවකදීම දැක ගත හැකි සුලබ කාරණයක් වී තිබේ. දේශපාලන අවශතාවයන් සහ වුවමනා වෙනුවෙන් පෙනී සිටින්නන් නිදොස් කිරීම සඳහා තම සිතු මනාපෙට වෙනස් කරන අපරාධ පරීක්ෂණ ක්‍රමවේදයම ඊට අනුව සකස් කිරීමද පොදු ලක්ෂණයක් බවට පත් වී තිබේ. නිදසුනක් ලෙස වත්මන් ආණ්ඩුවේ ප්‍රභලම විපක්ෂිකයා ලෙස සැලකෙන සරත් ෆොන්සේකා මතාගේ නඩු තීන්දු වලදී මෙන්ම, භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ මිනීමරුම සම්බන්ධව සිදු කෙරෙමින් පවතින විභාග වලදී පවා අශෝභන ලෙස තම අභිමතයට අනුව හසුරුවන ආකාරය සැකයකින් තොරව දක්නට ලැබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් කුමාර් වීරරාජ්, කූගන් මුරිගනාදන් සහ තවත් විශාල පිරිසක් අතුරුදහන් වීමට වග කිවයුතු වරද කරුවන් සොයාගැනීමට අසමත් වීම පිළිබඳව කිසිවෙකුට අව්‍යාජ හේතුවක් තිබේද?
ආණ්ඩුව තමන්ට එරෙහිව වඩාත් ප්‍රසිද්ධ සිදුවීම් වලදී මෙන්ම සෑම පොලිස් ස්ථානයක සහ උසාවියකම සාමාන්‍ය වැසියන් මුහුණ දෙන අනෙකුන් ප්‍රසිද්ධියෙන් අවම සිදුවීම ගැනද යුක්තිය යට ගැසීම පිළිබඳව එල්ල වෙන විවේචනය වඩාත් නින්දාශීලී ලෙස මඟහරිමින් සිටියි. අදාළ විවේචන යටපත්කිරීම මිස ආණ්ඩුව වෙතින් අදාළ කාරණා සඳහා කිසිඳු ආකාරයක කණගාටුවක් හෝ වත්මන් රටාව දියුණු කර ගැනීම සඳහා කිසිඳු සාධනීය පොරොන්දුවක් ලබා දෙන බවක් පෙනෙන්නට නැත.
යුක්තිය එවැනි අනතුරුදායක තත්වයට පත් වී ඇති අවස්ථාවක නිදහසේ කිසිඳු අර්ථයක් තිබේද? නිදහස සහ යුක්තිය වෙන් කළ නොහැකිය. යුක්තිය පීඩාවට පත් වූ විට නිදහසද පීඩාවට පත් වේ. දේශපාලන ක්‍රමය විසින් යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයම පීඩාවට පත් කරමින් අපිරිසිදු තත්වයක් නිර්මාණය කොට ඇත්තේ ජනතාවට පමණක් නොව එය එහිම ප්‍රතිරෝධයක් බවට පත් කොට තිබේ. යුක්තියක් නැති යහපාලනයක් අර්ථයෙන් තොරය.
මෙම ව්‍යාකූලත්වය දේශපාලන ක්‍රමය තුළ, නීතීපති දෙපාර්තමේන්තුව තුළ මෙන්ම අධිකරණ පද්ධතියේ ව්‍යුහයේ සිටම දක්නට ලැබේ. ඊට මුල්ක හේතුව රටේ ව්‍යවස්ථාව තුළින් මතු කර ගත හැකිය. එනම් රටේ නීති ක්‍රමය මෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලීයම නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ නොදී එය විනාශ කර දමන නිතීයට ඉහළින් තබා ඇති විධායකයයි. පාලක දේශපාලන පක්ෂය, විපක්ෂයේ සිටින අවධියේදී අදාළ ව්‍යවස්ථාව අහෝසී කොට නිතීය මත පාලනය සහතික වන ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ නව ව්‍යවස්තාවක් ඇති කිරීමට පොරොන්දු විය. ඇත්ත වශයෙන්ම කියතොත් මෙය විපක්ෂයේ සිටින අවධියේදී සියල්ලගේම පොරොන්දුව වේ. මෙම පොරොන්දුව පාවාදීමේ ප්‍රතිඵලය වූ කලි මූලික වශයෙන්ම නිදහසේ මූලික සංකේතයන් පාවාදීමකි.
වත්මන් ආණ්ඩුවට වර්තමානයේදී මහා මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහිවත් ස්ථාවරයක් නොමැත. මාර්ගවල විනීතභාවය වූ කලි සමස්ත රටේ විනීතභාවයෙහි පිළිබිඹුවකි. රටෙහි විනයගරුක බව අඩු වීමෙන් දේශපාලකයින් සැමවිටම ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු ලබා දෙති.නීතික්‍රමය සහ යුක්තිය අර්බුධයකට ලක් වූ අවස්තාවක රටේ කිසිඳු ආයතනයක විනය ඇති කිරීම ඉතා බැරෑරුම් කටයුක්තකි.
මේ හැර අධිකරණයේ ප්‍රමාදය ඝාතක රෝගයක් ලෙස තවදුරටත් පවතී. මෙම භාවිතය හමුවේ යුක්තිය සරලව කිවහොත් උමතු වෙමින් පවතී. නඩු විභාගවල වින්ශ්චය ලබා දීම සඳහා වසර පහක් හයක් ගතවන අතර ඒ වන විටත් එම නඩු විභාගයට සම්බන්ධ නිලධාරින් මාරු කර හැරීම වැනි කටයුතු හේතුවෙන් ව්‍යාකූල වෙමින් පවතී. මෙම ප්‍රමාදය හේතුවෙන් ඕනෑම කපටි විත්ති පාර්ශවයේ නීතිඥයෙකුටම තම නඩුවේ සාධක ඔප්පු කිරීමට නොහැකි වුණත් ජය ගැනීමට හැකියාව තිබේ. රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට නාස් ලණුව දමා යුක්තිය එල්ලා ඇත. එම දෙපාර්තමේන්තුව වෙනස් කිරීම සඳහා කළ සරල උත්සාහයන් සියල්ලම අසමත් විය. වත්මන් ආණ්ඩුව අදාළ දෙපාර්තමේන්තුව ගැන සලකා බැලීම සඳහා ඇඟිල්ලක්වත් උස්සන්නේ නැත.
එසේම ආණ්ඩුව සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතියක් සම්මත කිරීමට පවා මැළිකමක් දක්වනු ලබයි. සාක්ෂිකරුවන් මරා දැමීම සහ තර්ජනයෙන් භය ගැන්වීම සෙල්ලමක් බවට පත් වී ඇති අතර ඒ සඳහා අනුබලද දෙනු ලබයි. මහජනතාවගේ ධෛර්යට ප්‍රභල තර්ජනයක් කරමින් යුක්තියේ කඩාකප්පල් කිරීම දැන් සිදු වේ. මේ හේතුවෙන් දේශපාලන ක්‍රමය විසින් උල්පන්දම් දෙමින් සිටින්නේ මහජනතාවද අධෛර්ය කරමින් දේශපාලන ක්‍රමයම මෙන්ම ජාතියද අනතුරේ හෙළීමය.
මෙම අවනීතිමය සහ ව්‍යාකූල තත්වය කෙරෙහි ආණ්ඩුවේ අවධානයක් යොමු නොවීම තවදුරටත් පිළිබිඹු වන කාරණය වේ. ඒ හා සමානව විපක්ෂ දේශපාලන පක්ෂද මෙම කාරණය කෙරෙහි අවධානයක් නොදක්වයි. දේශපාලනය වූ කලි මහජනතාව සහ පරිපාලන ක්‍රමය මුහුණ දෙන සැබෑ ප්‍රශ්න වලින් විසන්ධි කරනු ලැබූ විෂයක් බවට පත් වී තිබේ.
මෙවැනි සමාජ පසුබිමක් යටතේ නිදහස සැමරීමේ අර්ථය කුමක්ද? ඒ වෙනුවට වගකීමක් ඇති පුරවැසියනට ඇති එකම තීරණය වන්නේ මෙවැනි සැමරීම් වලින් ඉවත් වීම පමණි. මේ හමුවේ සැබෑ වෙනසක් සඳහා තිරව සටන් කළ හැකි ව්‍යාපාරයක් රටේ හදිසි අවශ්‍යතාවකි. එය එනම් වෙනස් කිරීම සඳහා වූ ක්‍රියාවලීය ඇරඹිය යුත්තේ මහජනතාව විසින්මය. මෙම අවුල් ජාලයෙන් ගොඩ ඒමේ එකම මඟ යුක්තිය පසිඳලීමේ ක්‍රමයම වෙනස් කිරීම සඳහා ප්‍රබල ප්‍රතිසංස්කරණයක් සඳහා ඉල්ලා සිටීමය.

Source - lankanewsweb.com

Share this article with your friends