විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සහ අතිරේක ලේකම් ක්ශෙනුකා සෙනවිරත්න මහත්මිය අතර ඇතිවී ඇති කඹඇදීමේ තරගයෙන් සමස්ථ අමාත්‍යාංශයම දෙපිලකට බෙදී සිටී.
අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුනුගම මහතාට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ආර්ථික උපදේශක පී.බී. ජයසුන්දර මහතාගේ අනුග්‍රහය ලැබෙන අතර, ක්ශෙනුකා සෙනවිරත්න මහත්මියට ජනාධිපති රහස්‍ය මූල්‍ය උපදේශක විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අනුග්‍රහය ලැබෙමින් පවතී.
මෙම තත්ත්වයන් සමනය කොට මෙම දෙපිල එක්සත් කිරීමට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සම්පූර්ණයෙන්ම අසමත්ව සිටී. ලොව සුප්‍රකට නීතිය පිළිබද මහාචාර්යවරයෙකුවන ජී.එල්. පීරිස් මහතා වර්තමානයේ පත්වී ඇති ශෝචනීය තත්ත්වය කවරේද යත්, ඊයේ පෙරේදා නීතීඥවරයෙකු වශයෙන් දිව්රුම්දුන් ජනාධිපති පුත් නාමල් රාජපක්ෂ මහතාට පවා සමහර අවස්ථාවලදී ‘සර්’ කියා ඇමතීමට තරම් මහාචාර්ය පීරිස්ගේ තත්ත්වය බාලවී තිබේ. සජින් වාස් ගුණවර්ධන අධීක්ෂන මන්ත්‍රීවරයාට තවමත් ‘සර්’ නොකීවද ඔහු කාමරයට එනවිට නැගීසිටීමට තරම් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නිවට තත්ත්වයකට පත්වි තිබේ.
මහාචාර්ය ජී.එල්. පීර්ස් මහතාගේ මෙම හැසිරීමට හේතුවී ඇත්තේ ඔහුගේ ගෝලබාලයින් සමග ලොවපුරා රවුම් ගසමින් සිදුකරන නොමනා ක්‍රියාකාරකම්ය. එම වරද දඩමීමා කරගෙන ඇති අනෙක් පුද්ගලයින් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා තුට්ටුවකටවත් නොසලකයි. අදවන විට ජී.එල්. පීරිස් මහතා නිලයෙන් පහනොවී සිටින්නේ ඉහත කී පුද්ගලයින්ගේ වැඩකටයුතුවලට ඇඟිලි නොගසා තමන්ගේ පාඩුවේ තමන්ගේ ගෝලබාලයින් සමග සිත්සේ හැසිරෙන නිසාය.
මේ වනවිට ලෝකයපුරා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාලවල විවිධ අර්බුද මතුවී ඇතත් එම අර්බුදයන්ට පිලියම් සෙවීම පසෙකලා විදේශ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහ ලේකම්වරු තමතමන්ගේ පෞද්ගලික කටයුතුවල නියැලීම අනාගතයේ විශාල රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක ඇරඹුම බව මේ පිළිබදව අප වෙත කරුණු හෙලිකල ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Source - lankanewsweb.com