ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන හර්බට් කුමාර අලගියවන්න මහතා පසුපස පසුගිය දින කිහිපය පුරා සුදුවෑන් කණ්ඩායම් ලූහුබදිමින් සිටින බව අප වෙත වාර්තා වේ. අලගියවන්න මහතා නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම සමාජ ක්රියාකාරිකයෙකුද වේ.
ජනවාරි 31 වන දින සවස ඔහු ගමන් කළ රථය ලූහුබදිමින් පී.බී. 1859 අංක සහිත සුදුපැහැති වෑන් රථයක් පැමිණි බවත්, එදින සවස ඔහුගේ කිරිදවැල නිවසට පැමිණ ඇති බස්නාහිර පළාත් බුද්ධි අංශයේ යැයි කියාගත් මනෝජ් නැමති පුද්ගලයෙකු ඔහුගේ පෞද්ගලික තොරතුරු විමසා ඇති බවත්, එම බුද්ධි අංශ සාමාජිකයා යැයි කියාගත් පුද්ගලයා අංක 0778859110 සහ 0725210310 යන දුරකථන අංක ලබාදී ඇති බවත්, සිදුවීම් සැකකටයුතු නිසා එම දුරකථන අංකවලට ඇමතුම් ලබානොගත් බවත්, අදාල සුදුවෑන් රථයම ඊට පසු දිනත් තමා ගමන්ගත් මාර්ගයේ තමා පසුපස ලූහුබදිමින් සිටි බවත් කුමාර අලගියවන්න මහතා පෙබරවාරි 02 දා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම්දි ඇත.
මෙම සිදුවීම නිසා තමා ඉමහත් භීතියකින් පසුවන බවද තමා රූපවාහිනී සංස්ථාවෙන් ඉවත්කිරීමෙන් පසු නාදුනන පුද්ගලයන්ගෙන් එල්ලවූ තර්ජන හේතුවෙන් මාසයක පමණ කාලයක් රටින් බැහැරව සිටි බවද, බියෙන් සැකෙන් තොරව ජීවත්වීම සඳහාත් සමාජ ක්‍රියාකාරිකම් කිරීමේ තමාගේ මූලික අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහාත් තම පැමිණිල්ල පිළිබදව විධිමත්, සාධාරන හා අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකරන ලෙසත් අලගියවන්න මහතා සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

Source - lankanewsweb.com