මෙම ලිපියේ සඳහන් කරුණු පිළිබදව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී කෝපයෙන් යුතුව දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ ඇමරිකාවේ සම්පූර්ණ වෑයම තමන් බලයෙන් පහකර දමා ජෙනරාල් ෆොන්සේකා හෝ වෙනත් ඇමරිකන් ගැත්තෙකු බලයට ගෙනඒම බවයි.
මේ සතිය අවසානයේදී ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිත විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අමතා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඕකුන් කියන කිසිම දේකට කැමති නොවන ලෙසත් තමා ඉන්දියාව හැන්ඞ්ල් කරන ආකාරයට ඇමරිකාවත් හැන්ඩල් කිරීමට ජී. එල් ඉගෙන ගතයුතු බවත්ය. තමාට නිදහසේ ඇමරිකාවට යාමට හැකියාව තිබුණානම් ඇමරිකාවත් ඇන්දවීම තමාට සුලූ කටයුක්තක් බව ජනාධිපතිවරයා මෙහිදී කැබිනට් ඇමතිවරුන් හමුවේ මහත් උජාරුවෙන් පවසා තිබේ.
ජනාධිපතිවරයාගේ ඔලමොට්ටල රාජ්‍යතාන්ත‍්‍රික භාවය පිළිබදව ඇමතිවරුන් සියලූදෙනාම පාහේ මුවින් නොබැන නිහඩව සිට ඇත්තේ එම ඔලමොට්ටල ක‍්‍රියාවන් හි ප‍්‍රතිඵල වැඩිකල් නොගොස්ම ඔහුට අත්විදීමට සිදුවන බව දන්නා බැවින් යැයි මේ පිළිබදව අප වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය එවූවායැයි සැලකෙන ලිපිය පහත පළවේ.
Source - lankanewsweb.com