මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව අධිකරණයට රැගෙන එමින් සිටියදී පසුගිය 19වනදා මොහුව ඝාතනය කිරීම සඳහා මාතර හමුදා මූලස්ථානයේ ප්‍රධානී කපිතාන් භාරත කොඩිතුවක්කු මහතා හමුදා සෙබළුන් හතරදෙනකු එවා තිබිණ. එහෙත් බන්ධනාගාර නිලධාරීන් කිපදෙනෙකුගේ කෂණික කි්‍රියාකාරිත්වය මත එම ඝාතන ප්‍රයත්නය ව්‍යර්ත විය.
අනතුරුව එම සිද්ධිය වෙබ් අඩවිවල වාර්තාවීමෙන් පසු කලබලයට පත් ආරක්ෂක ලේකම්වරයා එම ප්‍රවෘත්තිය වෙබ් අඩවිවලට ගිය ආකාරය පිළිබඳව සොයා බැලීමට නිලධාරීන් කිපදෙනෙකුද පත් කරනු ලැබීය. මෙම තත්ත්වය යටතේ මෙම සැකකරුවා තවදුරටත් ප්‍රවෘත්ති සපයන්නෙකු වීම වලක්වා විනාශ කර දැමීමට තීරණය වී ඇත.
එහි පළමු පියවර වශයෙන්, දැනට මීගමුව බන්ධනාගාරයේ රදවා සිටින එම සැකකරුවා ත්‍රස්ත විමර්ශන ඒකකය යටතට ගැනීමට තීරණය වී ඇත. ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ පස්වරුවේ ඊට අදාළ ලිපි ලේඛන කෙටුම්පත් කර තිබේ.
රාජපක්ෂවරුන්ගේ ඉල්ලීම මත මෙම සැකකාර මධුෂ් ලක්ෂාන් නැමැත්තා නීති විරෝධී ජාවාරම් මෙන්ම මිනී මැරුම් කිපයක්ද සිදුකර තිබේ. තමන්ව පිළිබඳව සොයා නොබැලීම පිළිබඳ මේ වනවිට දැඩි කණස්සල්ලකට පත්ව සිටින ඔහු, තමා ළගදීම සියලූ තොරතුරු හෙළිදරව් කරන බවට ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය සැලවීමත් සමඟ ආණ්ඩුවට සම්බන්ධ සන්නද්ධ පිරිස් මොහුව විනාශ කර දැමීම සඳහා කටයුතු කරමින් සිටී.
Source - lankanewsweb.com