Chitika Smowtion 468x60


Thursday, February 9, 2012

ජනාධිපතිවරයා, හිටපු ජනපතිනිය ගැන සෝදියෙන්


ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකු හා ආණ්ඩුකාරවරයෙකු රහසිගත ස්ථානයකදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියව හමුවී ඇති බවට රාජ්‍ය බුද්ධි සේවය විසින් වාර්තා කර ඇති බවත්, එම තත්ත්වය යටතේ දැඩි ලෙස කලබලයට පත් වී ඇති ජනාධිපතිවරයා කුමාරතුංග මහත්මියගේ ගමන් බිමන් හා හැසිරීම පිළිබඳව වඩාත් සෝදිසියෙන් සිටින ලෙස රාජ්‍ය බුද්ධි අංශවලට දැනුම් දි ඇති බවත් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක‍ෂ මහතා මේ වන විට සියලූ කටයුතු පසෙකලා, තම පුත් නාමල් රාජපක‍ෂ ජනාධිපති කරවීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව හා ඒ සම්බන්ධ අනාගත සැලසුම් වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කරන බවත්, එම තත්ත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව ආණ්ඩුව ද බරපතල අර්බුදයකට ලක්වෙමින් තිඛෙන බවත් ඔහු සඳහන් කළේය.
නාමල් රාජපක‍ෂ මහතා නායකත්වයට ගෙන ඒමට දරණ උත්සාහයේදී ඊට බාධා විය හැකි යැයි ජනාධිපතිවරයා උපකල්පනය කරන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ පමණක් නොව තරුණ මන්ත්‍රීවරුන්ගේ ද දේශපාලන අනාගතය අනතුරට ලක් වී තිඛෙන බව ප්‍රකාශ කළ එම ඇමතිවරයා ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩු පක‍ෂයේ මැති ඇමතිවරු රාශියක් බලවත් සේ සිත් තැවුලට පත්ව සිටින බවද සඳහන් කළේය.
මෙහි අලූත්ම ගොදුර බවට පත් වී ඇත්තේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බව ඔහු තවදුරටත් සඳහන් කළේය. බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පුත්‍රයා වන දුමින්ද දිසානායක මහතා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ බෑණනුවන්ද වේ.
මෙම තත්ත්වය යටතේ යළි ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය ශක්තිමත් කළ යුතු බවට ආණ්ඩුවේ අභ්‍යන්තරයෙන් ප්‍රබල මතයක් ගොඩනැගෙමින් පවතින බව එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, එය අසාර්ථක විය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දියණිය වන යශෝදරාත් ඇගේ පවුලේ සාමාජිකයනුත් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇති බැවින් ඔවුන් මෙම මස අඟදී යළි දිවයිනෙන් බැහැර වෙන තෙක් කුමාරතුංග මහත්මිය කිසිදු දේශපාලඥයෙකු හමු නොවූවට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.

Source - lankanewsweb.com

Share this article with your friends