Chitika Smowtion 468x60


Friday, March 30, 2012

නිෂ්පාදන කණ්ඩායම මට තදින් දොස් කිව්ව පුවත සම්පූර්ණ බොරුවක්- ඩිල්ෂාන්


ස්වාධීන රූපවාහිනියේ විකාශයවන "වෙනස" වැඩසටහන අතරතුර සජීවී රූපවාහිනී කැමරාවට දිව දික්කිරීම නිසා එම වැඩසටහන ඉදිරිපත් කළ ඩිල්ෂාන්ට ප‍්‍රධානීන්ගෙන් බැණුම් අසන්නට සිදුවූ බව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ වූ පුවත අසත්‍යක් බව ලක්බිම පුවත්පත සමඟ පැවති සාකච්ජාවකදී ඔහු ප්‍රකශ කර තිබෙනවා.

එම සිද්ධිය වී තිබුනේ ලොව දිගම දිව හිමි කාන්තාව ලෙස ගීනස් වාර්තාව උසුලන චැනල් ටැපර් ඇගේ දිව කැමරාවට පෙන්වා එය නාසයේ ගාවන දර්ශනය ඇතුළත් වීඩියෝවක් විකාශය කරනු ලැබු පසු නිවේදක ඩිල්ෂාන්ද ‘හැබැයි ඔය ලෝක වාර්තාව තියන්න මටත් පුළුවන්’ යනුවෙන් පවසා දිව නාසයේ ගෑවීමේ අවස්ථාවක්.

"මොකක්ද මේ පහුගිය දවසක සජීවීව වැඩසටහන යන අතර දිව එළිියට දාන්න ගිහින් සිදුවුණා කියන ඇබැද්දිය. මම ඇහුවේ ඩිල්ෂාන්ගෙන් ඔහු මහ හඬින් හිනාවෙමින් මෙහෙම පිළිතුරු දුන්නා.

“එදා වැඩසටහනේ දිව එළියට දාලා නාසයේ ගාවන කාන්තාවක් ගැන පෙන්නුවා. ඒ වීඩියෝ ක්ලිප් එක ඉවර වුණාම මමත් ඒ විදියට දිව එළියට දැම්මා. සජීවී කැමරාව තුළ එය පෙනුනා. එච්චරයි සිද්ධ වුණේ. ඒත් යම් අන්තර්ජාල වබේ අඩවිවල එය සඳහන් කරල තිබුණේ ඒ සිද්ධිය නිසා නිෂ්පාදන කණ්ඩායම මට තදින් දොස් කිව්ව කියලා. එත් ඒක සම්පූර්ණ බොරුවක්.


ලක්බිම පුවත්පතේ පලවූ එම ලිපිය මෙතනින්.
එම සිද්ධියට අදාල වීඩියෝව පහලින්




වෙනස වැඩසටහනේදී දිව දික් කලාට නිෂ්පාදක කණ්ඩායම තමන්ට බැන වැදුනේ නැති දිල්ශාන් පැවසුවත්, එම වැඩසටහනේ ඔහු දිව නහයේ ගෑමෙන් පසුව ස්වල්ප වෙලාවකින් නිෂ්පාදක මණ්ඩලයේ අයෙකු විසින් "මේ පිස්සුනම් කෙල්ලිනෙපා හරිද" යනුවෙන් පටිගත වී තිබෙනවා .
එම අවස්ථාවේ වීඩියෝව පහතින් 







Source: http://www.gossip9.com/2012/03/blog-post_9708.html#ixzz1qXlJBlzp

Share this article with your friends