Chitika Smowtion 468x60


Friday, March 30, 2012

නන්දිකඩාල් කලපුවෙන් කෝට්ටේ පන්සලට


සෝම හිමිගෙන් පටන් ගෙන මාවරවල්ලේ භද්ධිය හිම දක්වා ලංකාවේ අසපු බුදු දහම මගින් රේණුකානේ චන්ද්‍රවිමල මහා නායක හිමි වැනි බුදු දහම නිවරදිව කියාදුන් භික්ෂූන් වහන්සේලා විසින් ගොඩ නැගූ නිවරදි බුදු දහමට කණකොකා හැඩවීය. පසුව බිහිවූ ඒ.සෝභිත හිමි වැනි විහිලුකාරයන් අතට පවා බුදු දහම පත්වන්නේ මේ වැරදී නිසාවෙනි. අවසානයේ ලංකාවේ අනුසෝතඝාමී අසපු බුදු දහම අපට ඉතිරිකර දුන්නේ බෞද්ධ යතිවරයන්ගේ හිසට මන්නා පිහිපහරවල් එල්ල කරන්නට හැකි නිළමේවරුන් හා හීරලුවන්ය.
පහත දැක්වෙන්නේ වෙබි අඩවි දෙකක කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධ්කරණයට ඉදිරිපත් කල සැකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීනිඥවරයාට අධිකරණ භූමියේ රැස්ව සිටි බෞද්ධ උපාසක, උපාසිකාවන් විසින් අමානුෂික ආකාරයෙන් පහරදීම සම්බන්ධයෙන් පල වූ ප්‍රවෘත්ති දෙකකි.
කෝට්ටේ රජමහා විහාරයේ හිමිදෙනම ඝාතනය කිරීමේ සැකකරුවන් ලබන අපේ‍්‍රල් 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ගංගොඩවිල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අජිත් එම්.මාසිංහ මහතා 23 දා නියෝග කළේය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ හර්ෂ මංජු ශ‍්‍රි මනිකීර්ති නැමැති නිළමේ වරයා හා සිවුරුහල පුද්ගලයකුවන එම් ඒ සුරේෂ් යන දෙදෙනාය.
සැක කරුවන් 19 වැනිදා හඳුනාගැනිමේ පෙරට්ටුවට තැබීමට නියමිතය.
මේ අතර, අදාල සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමිත් සිල්වා මහතාට ප‍්‍රකෝපකාරී පිරිසක් පහරදී ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටයේ එම නීතීඥවරයාට කිසියම් පිරිසක් පහරදුන් බවට ඔහු මිරිහාන පොලිසියට පැමිණිළිකර ඇති බවයි.
කෙසේවුවද එසේ පහරදුන් අය සොයා ගැනීමට පරීක්‍ෂණකරන බවද හෙතෙම කීය.
www.srilankamirror.com
නිලමේට කතා කළ නීතීඥයා
අධිකරණ භූමියේදී
ගුටි කා බුලත් කෙළ ස්නානය කරයි
කෝට්ටේ ද්විත්ව භික්ෂු ඝාතනය පිළිබඳ නඩු විභාගය ඊයේ නුගේගොඩ ගංගොඩවිල උසාවියේ විභාගවී අවසානයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමිත් සිල්වා උසාවියෙන් එළියට බැස යද්දී කුපිතව සිටි පිරිසකගේ පහර කෑමට ලක්වුණාී මේ පිරිස අතර හිමිවරුන්ද සිටීම විශේෂත්වයක් වුණාී
ජංගම දුරකථන ඇමතුමකට උත්තර දෙමින් නීතීඥවරයා අධිකරණ භූමියෙන් ඉවතට එද්දී ඔහුව පිරිසක් පහර දෙමින් ඇදගෙන ගිය බවත් අනතුරුව තාප්පයකට හේත්තු කර කිසියම් කාන්තාවක විසින් රතුපැහැ බුලත් කෙළ තිබුණ පඩික්කමක් හිසමත වත් කළ බවත්
‛අපේ හාමුදුරුවො මරපු උන්ට කතා කරන්න උඹ බෞද්ධයෙක්ද ’ යයි ඇසූ බවත් වාර්තා වනවාී
මේ අවස්ථාවේ තමන්ගේ ජංගම දුරකථනයද පැහැරගත් බව සුමිත් සිල්වා පොලිසියට පැමිණිළි කර තිබෙන අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහලකට ගිය බවද වාර්තා වුණාී
ඡායාරූප- නිහාල් චන්ද්‍ර කුමාර (දිවයින)
අසංක එස් ප්‍රනාන්දු (රිවිර)
www.gossiplankanews.com
ලංකාවේ මේ වන විටත් ක්‍රියාත්මක වන්නේ විරුද්ධාභාෂයක් යැයි අප මීට පෙර අවස්ථා ගණනාවකදීම ඉදිරිපත් කලෙමු. එනම් හොද සහ නරක එකවර ක්‍රියාත්මක වන සමාජයක වෙසෙන ජනතාව ඇත්තටම මේ සමාජය හොදද?නැතිනම් නරකද? යන්න නොදන්නා නිසා මහත් වියවුලකට පත්ව සිටියි.
මීට පෙර මිහින්තලය විහාරයේ විහාරාධිපති හිමිනම ළමා අපචාර චෝදනාවකට සැකපිට අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා මල්වතු මහා විහාරය විසින් එම හිමිනමගේ විහාරාධිපතිධූරය අත්හිටවනු ලැබීය. මෙයට විරෝධය පල කරමින් මේ හිමිනම විසින් මරාන්තික උපවාසයක් ආරම්භ කලේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් රටේ කුදු මහත් ජනතාවගේ නිගමනය වුයේ මෙවැනි සංඝයාවහන්සේලාට දැඩි දඩුවම් පැමිණ විය යුතු බවයි.
මෙම සිද්ධියට ප්‍රතිපක්ෂව පැන නැගුන අනෙක් සිදුවීම වන්නේ මේ කෝටිටේ රජමහා විහාරයේ භික්ෂූන් දෙනම ඝාතනය කිරීමයි. ඒ අනුව මේ තරම් සිල්වත් ගූනවත් ස්වාමීන්වහන්සේලා ඝාතනය කල සැකකරුවන් පෝරකයට යැවිය යුතු බවට ජනතාව හඩ නැගීය.
ඒ අනුව අවසානයේ ජනතාව හොද නැතිනම් යහපත් භික්ෂූන් වහන්සේට පක්ෂවත් නරක,දුසිල්වත් භීක්ෂූන් වහන්සේට විපක්ෂවත් පෙනී සිටිමින් නීතිය මගින් සාධාරණය ඉල්ලා සිටිනු ලැබීය. මේ සදහා ඇති එකම මාර්ගය වන්නේ අධිකරණයේ නඩුවක් පවරා නඩුව විභාගයට ගෙන පැමිණිලි පක්ෂයේ හා විත්තිපක්ෂයේ සාක්ෂි නිවරදිව මෙහෙයවා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරණු ලැබීමෙන් අනතුරුව අදාල සැකකරු වරදකරුද නිවරදිකරුද යන්න තීරණය කර අදාල වරදේ ස්වභාවය අනුව දණ්ඩ නීති සංග්‍රහය හෝ අදාල වරද අර්ථනිරූපනය කර දඩුවම් දක්වා තිබෙන යම් පනතක් වේනම් ඒ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව දඩුවම් නියම කිරීමය. පසුව බන්ධනාගාරගත කරණු ලබන සිරකරු සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ බන්ධනාගාර දෙපාර්ථමේන්තුව වෙතටයි. සිරකරුවෝ මනුෂ්‍යයින්ය යනුවෙන් බන්ධනාගාර තාප්පයේ පවා ලියා තිබෙන පරිදි මොන තරම් දරුණු ගණයේ අපරාධයක් කළ තැනැත්තෙකු හෝ වේවා ඔවුට මනුෂ්‍යයෙකු වශයෙන් සමාන සැලකුම් ලැබීමට අයිතිවාසිකමක් වේ.
ජනතාව එක් අතකින් නීතියේ සාධාරණත්ව ඉල්ලා සිටිමින්ම අනෙක් අතට නීතිය පිළිබදව කිසිදු විස්වාසයක් නොමැතවි අනිසි වනචාරී යුක්තියක් ඉල්ලා සිටින්නට පටන් ගෙන ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැතිනම් ලංකාවේ රාජ්‍ය පාලනය කිරීමේ මූලික නීතියට අනුව ඕනෑම සැකරුවකු නිසි අධිකරණයකදී පවත්වන සාධාරණ නඩු විභාගයකදී වරදකරු යැයි ඔප්පු කරනු ලබන තෙක් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු යැයි සලකනු ලැබීමට පුර්වානුමානයක් වේ. අනෙක් අතට ඕනෑම සැකකරුවකුට නිසි අධිකරණයකදී පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකදී තමන් විසින්ම හෝ නීතිඥවරයෙකු මාර්ගයෙන් සිය නිර්දෝෂිභාවය පිළිබදව කරුණු කියා පෑමට වූ කිසිවකුටවත් උදුරා ගත නොහැකි අයිතිවාසිකමක් වේ. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් හී ස්වභාවික යුක්ති මූලධර්ම මත පිහිටා නීතියේ පාලනය යටතේ කටයුතු කිරීම ජනතාව වෙනුවෙන් ජනතාව විසින් ලබාදුන් බලය යටතේ පිහිටා මහජන නියෝජිතයන් කටයුතු කළ යුතුය. මේ ආකාරයේ පිළිගත් සම්ප්‍රදායන් හා ප්‍රජාතන්තවාදී මූලධර්ම මත පිහිටා කටයුතු කරණු ලබන රාජ්‍යයන්ට අප ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් යැයි කියන්නෙමු.
මීට පෙර අවස්ථාවකදී හිටපු මහාධිකරණ විනසුරු සරත් අබේපිටිය ඝාතන නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට අධිකරණ ශාලාව තුලදී නීතිඥවරුන් විසින්ම හූ කිවෝය. එදා ඒ අකාරයෙන් තමන් විසින්ම හැගුම්බර වී තමන්ට හූ කියා ගැනීමේ ප්‍රතිඵල මේ ආකාරයෙන් නීතිඥවරුන්ට අද දින භූක්ති විදින්නට සිදුව ඇත. ජනතාව විසින් මේ ආකාරයෙන් නීතීඥවරුන්ට පහරදීම අපට අවසාන වශයෙන් කියා දෙන්නේ ලංකාවේ නීතියේ පාලනය නම් සංකල්පය වැසී තිබූ දුහුල් සළුපටයත් ලිහී බිම වැටී නීතියේ පාලනය නම් සංකල්පය මුලුමනින්ම නිරුවත් වූ බවයි.
සාමාන්‍යයෙන් යම් රටක නීතියේ පාලනය නැතිනම් මහා අනෙකාගේ පාලනය බිද වැටුන පසු අපට දක්නට ලැබෙන්නේ මෙවැනි අරාජිකත්ත්වයකි. මේ වන විටත් කිසිවකුට කිසිවකු සම්බන්ධයෙන් විස්වාසයක් නැත. වසර තිහකට වඩා වැඩි කාලයක් ජාතිවාදීමානසිකත්වයකින් තමන්ගේ අල්ලපු නිවසේ වෙසෙන මිනිසා දෙස පවා සැකයෙන් බලන්නට පුරුදු වූ ජාතියකට මෙවැනි ඉරණමක් අත්වීම ස්වභාවිකය. බුදු දහමේ නාමයෙන් තවත් ජන වරිගයක මිනිසුන් හැට දහසකට ආසන්න සංඛ්‍යවක් ඝාතනයට ලක් කිරීමේ ප්‍රීතිය සමරන්නට සංකේතීය මිනිමස් හෙවත් කිරිබත් අනුභව කළ ජාතියක් වශයෙන් පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ මීට වඩා යහපත් හෙටක් බලා පොරොත්තු විය හැකිද?
ස්වාමීන්වහන්සේලා දෙනමක් ඉතා කෲර ආකාරයෙන් ඝාතනය කර ලැබ තිබියදී තමන්ගේම රටේ ඉතිහාසය සුරක්ෂිත කරනු ලබන ජාතික කෟතුකාගාරය සොරු බිද යද්දී මේ රටේ බොහෝ අය හැසිරෙන්නේ වෙනත් රටක පුරවැසියන් පරිද්දෙනි. හරියටම කියන්නේ නම් මේ රටට පැමිණි සංචාරකයින්ගෙන් මේ සම්බන්ධයෙන් අප විමසුවොත් අපට අසන්නට ලැබෙනු ඇත්තේ මිනී මරණ එක සොරකම් කරන එක වැරදී වැඩක් තමයි. ඒත් ඔයාලගේ රටේ වෙන දේවල් අපිට අදාල නෑ. මොකද අපි මේ රටේ ලස්සන බලලා අපිට අරගෙන යන්න පුලුවන් දෙයක් අරගෙන ඉක්මනට යනවා.
මේ මොහොතේ මේ රටේ තමන් දේශප්‍රේමීන් යැයි කියා ගන්නා බොහෝ උදවිය මෙැවනි දෑ සම්බන්ධයෙන් පවසන්නේ ද ඉහත විදේශීය සංචාරකයා පවසන අන්දමේ කතාවකි. තමන්ගේ රට ගැන කිසදු හැගීමක් නැති නිද්‍රශීලි ජාතියක් වශයෙන් අප තවමත් රොබට් නොක්ස් කියූ පරිදි සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා යන තැනින් අඩියක්වත් ඉදිරියට ගොස් නැත.
සාමාන්‍යයෙන් තමන්ගේ රටේ නීතියේ පාලනයට අභියෝග කරමින් කෑලෑ නීතියට ඉඩ දෙන්න යැයි ඉල්ලා සටින්නට තරම් තකතීරූවන් බවට අප පත්ව ඇත්තෙමු. තමන්ගේ රටේ ජනතාවගේ නැති නම් තමන්ගේ හා තම ඉදිරි පරම්පරාවේ මානව අයිතිවාසිකම් තහවුරු කර දෙන්නට වෙර දරණ විට අපිට අයිතිවාසිකම් එපා අපි මහරාජට කඩේ යන්නම් යැයි පෙළපාලී යන්නට තරම් අමනයන් වී ඇත්තෙමු.
සාමාන්‍යයෙන් දියුණු මනසක් සහිත ග්‍රෝත්‍රිකභාවයෙන් මිදුන විසි එක්වන සියවසේ සයිබර් අවකාශයේ සැරි සරණ දියුණු ජාතියක් ලෙස අප විසින් පැහැදිලිවම කළ යුත්තේ ස්වාමීන් වහන්සේලා දෙනමක් නොව සිය නමක් හෝ ඝාතනය කළ අයෙකු වන්නේ නම් ඔහුට සාධාරණ නඩු විභාගයක් පවත්වා වරදකරු යැයි ඔප්පු කරණු ලැබීමේන් පසුව දඩුවම් නියම කිරීමය. අධිකරණය විසින් මෙවැනි වරදකරුවන්ට මරණීය දණ්ඩනය නියම කළ පසුත් එය ක්‍රීයාවට නොනගා අත්තනෝමතික ආකාරයෙන් දඩුවම් ක්‍රීයාත්මක නොකර සිටින ජනාධිපත්වරයාට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන්න යැයි පෙළපාලීයාමය. එසේ නොමැතිව නීතිඥවරයෙකු වශයෙන් තමන් අභිමුවට පැමිණෙන ඕනෑම සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රතිඥා දී සිටින නමුදු ඕනෑම සේවා දායකයෙකු වෙනුවෙන් පෙනී සිටිම නිතීඥවරයෙකුට ප්‍රතික්ශේප කළ හැක්කේ එම ක්‍රියාව මගින් අධිකරණයේ කටයුතු වලට බාධාවක් පැමිණෙන්නේ නම් හෝ යුක්තිය ඉෂ්ඨවීම කෙරෙහි බාධාවක් පැමිණෙන්නේ නම්ය. නීතිඥවරයෙකු සෑම විටම සිය සේවාදායකයාගේ අයිතිවාසිකම් රැක දීම කෙරෙහි බැදී සිටින නමුදු යුක්තිය ඉෂ්ඨ කිරීම උදෙසා ඒ බැදීමෙන් නිදහස්ව කටයුතු කරණු ලැබිය හැකිය.
නීතියේ පාලනය පිළිබදව මලපොතේ අකුරක්වත් නොදන්නා අන්ධ භක්තියෙන් ඔද වැඩුන මෝඩ අනුගාමිකයන් නිසා එකවරම නීතියේ පාලනයසේම බුදු දහමත් තවදුරටත් විහිලුවක් බවට පත්වෙයි. සෝම හිමිගෙන් පටන් ගෙන මාවරවල්ලේ භද්ධිය හිම දක්වා ලංකාවේ අසපු බුදු දහම මගින් රේණුකානේ චන්ද්‍රවිමල මහා නායක හිමි වැනි බුදු දහම නිවරදිව කියාදුන් භික්ෂූන් වහන්සේලා විසින් ගොඩ නැගූ නිවරදි බුදු දහමට කණකොකා හැඩවීය. පසුව බිහිවූ ඒ.සෝභිත හිමි වැනි විහිලුකාරයන් අතට පවා බුදු දහම පත්වන්නේ මේ වැරදී නිසාවෙනි. අවසානයේ ලංකාවේ අනුසෝතඝාමී අසපු බුදු දහම අපට ඉතිරිකර දුන්නේ බෞද්ධ යතිවරයන්ගේ හිසට මන්නා පිහිපහරවල් එල්ල කරන්නට හැකි නිළමේවරුන් හා හීරලුවන්ය.
බුදු හාමුදුරුවන්ගේ අග්‍රශ්‍රාවක තනතුර දෑරූ මුගලන් මහ රහතන්වහන්සේ පවා සොර රැලක් විසින් තලාපෙලා ඝාතනය කරණු ලබන බවට වූ කර්ම සංකල්පය ගැන මනා වැටහීමක් ඇති බෞද්ධයන්ම අවසානයේ සිවුරු උස්සාගෙන අධ්කරණ භූමිය තුලදීම නීතිය ක්‍රීයාත්මක කරන්නට කැප වූ නීතිඥවරුන්ට පහර දෙයි. නීතිය එක් අතකින් මෙසේ විනශ කරන අතර මේ උදවිය යළි අනෙක් අතින් නීතියම යළි ඉල්ලා සිටියි. අද දවසේ ප්‍රයිවට් බස් කොන්දොස්තරා සමග, මහ පාරරේ වාහන වල ගමන් කරනා ටයි පැලදි ඝෝත්‍රිකයන් අතර, දුමිරියේ, වැඩබිමේ ආදී සියලු තැන් හිදී සියල්ලන්ම නීතිය උල්ලංඝණය කරමින් යළි නීතිය ලබා දෙන්න යැයි ඉල්ලා සිටියි. මෙයට මූලික හේතුව වී ඇත්තේ ලංකාවේ සමාජ දේහය ඉහළ සිට පහළ කුණු වී ඕජස් ගලමනි පැවතීමය. හේගල් ගේ දර්ශණයට අනුව රාජ්‍ය ශක්තිමත් කිරීම මගින් සිවිල් සමාජයත් සිවිල් සමාජය ශක්තිමත් කිරීම හරහා පවුල් වශයෙන් සමාජයක් සංවිධානය කළ යුත්තේ ඉහළ සිට පහළටය. නමුත් ලංකාවේ දේශපාලනයත් ඇතුලුව සියල්ල ව්‍යුහගතව පවතින්නේ පවුල් සංකල්ප තුලය.
බෞද්ධ යතිවරයන් දෙදෙනෙකු ඝාතනයට ලක්කිරීම සම්බන්ධයෙන් පමණක් නොව කිසිම ආකාරයෙන් මනුෂ්‍ය ඝාතනය කිරීම හෝ මනුෂ්‍ය ඝාතනයට අනුබල දීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් වශයෙන් අපට අනුමත කරන්නට නොහැකිය. සමාජයක් පාලනය විය යුත්තේ පාලකයාගේ හෝ පාලිතයාගේ ඒකාධිපති අදහස් වලට අනුව නොව සමාජයක් පාලනය කිරීමට අප විසින්ම ගොඩ නැගූ ආයතනික රාමුවකට අනුවය. එවැනි ආයතනික රාමුවක් බිද දමා තවදුරටත් ඇසට ඇසක් දතට දතක් ඉල්ලන අනිසිවනචාරී යුක්තිය නැතිනම් කැලෑ නීතියට ඉඩ දෙන්න යැයි යමෙකු කියනවා නම් ශිෂ්ඨ සම්පන්න මනුෂ්‍යත්වයට ගරුකරන මිනිසුන් වශයෙන් අප ඒවාට එරෙහි විය යුතුය.
මේ කතිකාව ඔස්සේ අපට තවත් අවබෝධයක් ලගාකර ගත හැකිය. එනම් දෙවන ලෝක යුද්ධයේ දී හිටිලර්ගේ නාසි පාලනය මගින් යුදෙවිවන් ලක්ෂ ගණනක් මරණයට පත්වීම ගැන මහත් කම්පාවට පත් ජාත්‍යන්තර ප්‍රජාව යළි මිනිස් ඉතිහාසය තුල එවැනි මලේඡ්ච ක්‍රියා සිදු නොවීමට වගබලා ගැනීම සදහා එකග වෙමින් එක්සත් ජාතීන්ගේ සංගමය පිහිටුවා ගනු ලැබීය. එය අප විසින් අපේ ආරක්ෂාව මත ගොඩ නැගූ සංවිධානයකි. කාම්බෝජයේ වේවා චෙකොස්ලෝවැකියාවේ වේවා, රුවැන්ඩාවේ වේවා, ශ්‍රී ලංකාවේ වෙිවා මොනයම් රටක හෝ වර්ග සමූල ඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි වැරදී. යුධ අපරාධ හෝ ආක්‍රමණකාරී අපරාධ සිදු වන්නේ නම් හෝ සිදුව ඇත්නම් ඒවාට එරෙහිව කටයුතු කිරීම ශිෂ්ඨසම්පන්න සෑම ජාතියකම වගකීමයි.
භක්ෂූන් දෙනමක් කපා කොටා මරා දැමීමෙන් කුපිත වී මෙන්න මනුෂ්‍යකම් නැති රටක් යැයි පවසමින් නීතිඥවරුන්ට පහර දෙමින් නීතියේ ආධිපත්‍ය උල්ලංඝණය කරමින් හැගීම් ප්‍රකාශ කරන අප හතලිස් දහසකට ආසන්නට දෙමළ තරුණයන් මරා පුලුස්සා දැමුණු ඉතිහාසයක් අලුයම ලූ කෙළ පිඩක් සේ අමතක කර දමා කිසිවකුත් නොදන්නා ලෙස ඉන්නට වගබලා ගෙන තිබේ. එක් ජාතියක විමුක්තිය ජොක් කළ විට තමන්ගේ ජාතියේ විමුක්තිය ඊට වඩා සිය දහස් ගුණයකින් ජොක් වන බවට වූ දේශපාලන සත්‍යයට අද අපට මුහුණ දෙන්නට සිදුව තිබේ.
- 3mana.com

Share this article with your friends