Chitika Smowtion 468x60


Friday, March 30, 2012

ඉන්දියාව බැසිල්ව ඇන්ද වූ බව ජනාධිපති කියයි


තම සොහොයුරා වන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාව ඉන්දියාව විසින් විහිළුකාරයෙකුගේ තත්ත්වයට ඇද දමා ඇති බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට තිබේ.

ජිනීවාහි ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඉන්දියාව න්දය දීමෙන් පසු ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර පළුදු වී ඇති රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා යළි ගොඩනැංවීම සඳහා ශී‍්‍ර ලංකා රජයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දියාවට යාම සඳහා බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතත්, එසේ අවසර ලබාදීම ජනාධිපතිවරයා ප‍්‍රතික්‍ෂෙප කොට තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා විසින් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට මතක් කොට දී තිබෙන්නේ, ඔහු විසින් ජිනීවා ඡන්දයට පෙර පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ දේශනයක් කරමින් ඉන්දියාව කිසිවිටෙක ශී‍්‍ර ලංකාවට එරෙහිව ඡන්දය නොදෙනු ඇති බවත්, බැරෑරුම් තත්ත්වයක් යටතේ වුව ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇති බවත්, තමන් ඒ සඳහා තමන්ගේ ඉහළ පෙළේ සම්බන්ධතා ඔස්සේ කටයුතු කර ඇති බවට කළ ප‍්‍රකාශයයි.
ජනාධිපතිවරයාගේ උපහාසය හමුවේ නිහඬව සිට ඇති බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ, ඉන්දියාව මෙම අවස්ථාවේදී කිසිදු රාජපක්‍ෂවරයෙකු සමග කතාබහ කිරීමට සූදානම් නැති බවත්, අවශ්‍ය නම් ඒ සඳහා බාහිර සම්බන්ධතා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නවදිල්ලියට එවන ලෙස කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් තමාට පැවසූ බවත්ය.

Source - lankanewsweb.com

Share this article with your friends