Chitika Smowtion 468x60


Friday, March 30, 2012

‘වාහිබ්’ සංවිධානයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව ඉන්දියාවේ අවධානය


ශී‍්‍ර ලංකාවේ බේරුවල ප‍්‍රදේශය පදනම් කොට ගෙන කි‍්‍රයාත්මක වන දැඩි මූලධර්මවාදී මුස්ලිම් සංවිධානයක් වන ‘වාහිබ්’ සංවිධානයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව ඉන්දීය රජය මේ වනවිට දැඩි සුපරික්‍ෂාකාරීව පසුවන බව වාර්තාවේ.
ඇමරිකන් අධිරාජ්‍යවාදය පරාජය කිරීම සඳහා ලෝකය පුරා මුස්ලිම් මතධාරීන් ගෙන යන මතවාදී සහ සන්නද්ධ අරගලයේ දේශීය කි‍්‍රයාකාරිකයන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ‘වාහිබ්’ සංවිධානය, පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාව පරාජය කිරීම සඳහා, ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජනයා බහුලව වෙසෙන නගර කිහිපයකම පෙළපාලි සහ උද්ඝෝෂණ සංවිධානය කොට ඇත.
‘වාහිබ්’ සංවිධානය විසින් මෙසේ උද්ඝෝෂණ සහ පෙළපාලි සංවිධානය කොට ඇත්තේ, ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා එරට පාර්ලිමේන්තුව අමතා කරන ලද කතාවෙන් අනතුරුවය.
දැඩි ඇමරිකානු ගැති ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන රටවල් වන සවුදි අරාබියාව සහ කටාර් රාජ්‍යය, ශී‍්‍ර ලංකාවට පක්‍ෂව ඇමරිකාවට එරෙහිව ජිනීවාහිදී ඡන්දය පාවිච්චි කිරීම සහ මැලේසියාව ඡන්දය දීමෙන් වැළකී සිටීම පසුපස මෙම සංවිධානය ඇතැයි සැක කරන කලාපීය බලවතා වන ඉන්දියාව, මෙම සංවිධානයේ මෑත කාලීන කි‍්‍රයාකාරකම් පිළිබඳව දැඩි අවධානයකින් පසුවෙයි.
‘වහිබ්’ සංවිධානය විසින් මෑතදී සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණවල රූගත කරනු ලැබූ දෘෂ්‍ය පට (Visuals) ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් පුද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයක් මගින් ගෙන්වා ගෙන ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටී.

Source - lankanewsweb.com

Share this article with your friends