‘‘තමා නියම බෞද්ධයෙකු බවත්, බෞද්ධාගම අනුව කළ යුත්තේ සතුරන් මිතුරන් කර ගැනීමත් - මිතුරන් ශක්තිමත් කර ගැනීමත්ය.’’ නමුත්, අද සිදුවන යම් යම් දේ විමසීමේදී සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් බවත්, එම තත්ත්වය නිවැරදි කරවා ගැනීම සඳහා අවශ්‍ය ‘රාජ්‍යතාන්ති‍්‍රක මොළය’ අපට පහළ වනවිට සිදුවිය යුතු සියලූදේම සිදුවී අවසාන විය හැකි බව අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා ප‍්‍රකාශ කර තිබේ.
අමාත්‍ය සිරිසේන මහතා මෙසේ ප‍්‍රකාශ කරන්නට යෙදී ඇත්තේ, පසුගිය 25 වන ඉරිදා කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ‍්‍රවණාගාරයේ පැවැති පුද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
තවදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, සැබෑ බෞද්ධයින් නියම ලෙස කටයුතු කරන්නේ තමන්ට වඩා ඇසූ පිරූ තැන් ඇති මිනිසුන්ගේ අවවාද අනුශාසනා පිට බවත්, නමුත් එවැනි අවවාද අනුශාසනා රිසි නොවන කාලයක ජීවත්වීම සඳහා අනුගමනය කළ යුතු හොඳම කි‍්‍රයා පිළිවෙත නිහඬව සිටීම බවත්, එම නිහඬ බව වරදවා වටහා නොගන්නා ලෙස ඇමතිවරයා තම දේශනයේදී අවධාරණය කොට තිබේ.
Source - lankanewsweb.com