Chitika Smowtion 468x60


Friday, March 30, 2012

නිමල් ඩබල් ගේමක් ගැහුවා - අනුර, ජනපතිට කියයි


මානව හිමිකම් සැසිවාරය සඳහා ජීනීවා ගිය ශ‍්‍රී ලාංකික නියෝජිතයින් පිරිසට නිසි වගකීමක් හා නිසි කාර්යභාරයක් පවරා නොතිබුණ බවත්, බොහෝ සංවාදවලට එක්වූ නිමල් සිරිපාල අමාත්‍යවරයා සමහර අවස්ථාවලදී ඇමෙරිකාවට වාසි සහගතවන පරිදි කටයුතු කළ බවත් ජීනීවා සවාරියට එක්වූ අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පවසා තිබේ.
ජී.එල්. පීරිස් ඇමතිවරයා සහ මහින්ද සමරසිංහ ඇමතිවරයා අතර පැවති මතභේද නිසා බොහෝ වැඩකටයුතු අවුල්වූ බවත්, එම තත්ත්වය යටතේ ජීනීවා හී එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා මහත්මිය බලවත් අසීරුතාවයකට පත් වූ බවත් ඇමතිවරයා පවසා තිබේ.
මීට අමතරව ජීනීවා ගිය සමහරුන් රෑට රෑට කළ කී දේවල් පිළිබඳව ද අනුර ප‍්‍රියදර්ශන අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කළ හෙළිදරව් කිරීම් ජනාධිපතිවරයා දැඩි ඇල්මකින් යුතුව සවන් දී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends