Chitika Smowtion 468x60


Friday, March 30, 2012

ජෝන්ගේ නිර්දේශ දැක ජනපතිට මල පනී


රජයේ රැකියා සඳහා අයදුම් කර තිබූ උපාධිධාරීන් හතළිස්දාහකට රැකියා ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා නිර්දේශ කර තිබීම පිළිබඳව ජනාධිපතිවරයා බලවත් සේ කෝපයට පත්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා විසින් සම්මුඛ පරීක්‍ෂණ කැඳවා රාජපක්‍ෂවරුන්ට හිතවත් පිරිසක් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කර තිබියදී ජෝන් සෙනෙවිරත්න මහතා සිදු කළ මෙම නිර්දේශය තමාට එරෙහිව එල්ල කළ කනේ පහරක් බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත.
ආණ්ඩුවට හිතවත් උපාධිධාරීන්ට පමණක් රැකියා ලබාදීමට කටයුතු කරන ලෙස නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාට දැනුම් දී තිබියදී, අමාත්‍යවරයා රාජ්‍ය පරිපාලනයේ විශේෂ දැන්වීමක් පළ කොට උපාධිධාරී අයදුම්පත් භාරගෙන ඇත. එහෙත්, දේශපාලන පක්ෂපාතීත්වය මත බඳවා ගැනීම් සිදු කරන බවට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් විරෝධය පළ කිරීමත් සමග නාමල් මන්ත‍්‍රීවරයා එකී ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබේ.
සුදුසුකම් සහිත සියලු දෙනාට රැකියා ලබා දෙන ලෙස ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා නිර්දේශ කොට ඇත්තේ ඉන් අනතුරුවය. එහෙත්, උපාධිධාරීන් හතළිස්දාහකට රැකියා ලබා දීමට මුල්‍ය ප‍්‍රතිපාදන නොමැති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා දැනුම් දි තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends