Chitika Smowtion 468x60


Friday, March 30, 2012

විදෙස්ගත ජනමාධ්‍යවේදියකුගේ දියණිය රාජ්‍ය මාධ්‍ය විසින් ඉලක්ක කර ගැනීම හෙළා දකින්න


අයිතීන්_සඳහා එකමුතුව නම් ශ්‍රී ලාංකික ජනමාධ්‍ය වේදීන්ගේ සහ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ජාලය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් විදෙස්ගත ජනමාධ්‍යවේදියකුගේ දියණියද ඉලක්ක කර ගනිමින් ගෙන යන වෛර ප්‍රචාරය නොපැකිළව හෙළා දකියි. මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ වගවීම අරභයා යෝජනාවක් සම්මත කිරීමට අදාළව ය. මේ වනාහී නිසැකවම ශ්‍රී ලංකාවෙහි විසංවාදී අදහස් මර්දනය සඳහා සිතා මතා දැරෙන පියවරකි.
පසුගිය සති කිහිපය පුරා රාජ‍්‍ය පාලිත අයිටිඑන් රූපවාහිනී නාලිකාව විදෙස්ගත ජනමාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාගේ බාල වසස්කාර දියණියගේ පසුබිම් දර්ශන 24 වතාවක් පෙන්වා තිබේ.
ත්‍යාගලාභි ජනමාධ්‍යවේදියකු සහ නිදහස් මාධ්‍ය ආරක්ෂකයකු වන පොද්දල ජයන්ත 2009 ජූනි මාසයේ දී පැහැරගෙන ගොස් දරුනූ වධ හිංසාවන්ට ලක් කරන ලදී. රාජ්‍ය අනුග්‍රහය ඇති ඝාතක ඒකකයක් විසින් කරන ලදැයි සැක කෙරෙන මෙම පැහැර ගැනීම සිදු වූයේ ආරක්ෂක හේතූන් මත ජයන්ත තාවකාලිකව ඉන්දියාවෙහි ටික කළක් ගත කොට සිය රට පැමිණීමෙන් පසු ය. ජිවිත තර්ජන දිගින් දිගටම පැමිණියෙන් 2010 මුල් භාගයේ දී ජීවිතාරක්ෂාව පතා ඔහුට සිය අඹු දරැවන් සමඟ ඇමෙරිකාවට පලා යාමට සිදුවිය. ඔහු දැන් නිව්යෝක් නගරයේ ජිවත් වෙයි.
13 හැවිරිදි පාසැල් සිසුවියක වන ජයන්තගේ දියණිය සිය පියා සමඟ ඇවිද යන පසුබිම් දර්ශන රාජ්‍ය රූපවාහිනී මාධ්‍යයෙහි පෙන්වන ලද්දේ ඇයගේ පියාට එරෙහිව පදනමක් නොමැති දරුණු චෝදනා එල්ල කළ වැඩ සටහන් අතර තුරය.
ඇයගේ පියාට එරෙහිව කැරැණූ බිය ජනක බොරු චෝදනා පසුබිමෙහි අහිංසක දරුවකුගේ වීඩියෝ දර්ශන පෙන්වීම පිළිකෙව් කළ යුතු සහ එම වරදකරුවන් දඩුවමට ලක් කළ යුතු අපරාධයක් ලෙස අයිතීන් සඳහා එකමුතුව සළකයි.
සහමුලින්ම අනවශ්‍ය වුත් අචාර ධර්මානුකූල නොවුවාවූත් මෙම රාජ්‍ය මාධ්‍ය හැසිරීම හෙළා දකින අයිතීන් සඳහා එකමුතුව එහි වගකීම ශ්‍රී ලංකා ආණ්ඩුව බාර ගතයුතු බව අවධාරණය කරයි. මෙම මාධ්‍ය ආයතනයන්හි පාලක මණ්ඩළ, කතුවරුන් සහ නිවේදකයින් පත්කිරීමාදියෙන් ඒ මත සම්පූර්ණ පාලනයක් පවත්වා ගන්නා ශ්‍රී ලංකාණ්ඩුව මාධ්‍ය නිදහස් බැවින් මෙම වෛර ප්‍රචාරයන් සම්බන්ධයෙන් තමන්ට බැදීමක් නැතැයි කීම අමූලික ප්‍රලාපයකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් උගත් පාඩම් සහ ප්‍රති සංධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන සේ දක්වා යෝජනාවක් සම්මත කිරීම පසුබිමෙහි ශ්‍රී ලංකාණ්ඩුව විසින් ජනමාධ්‍යවේදීනට, නිදහස් මාධ්‍ය ආරක්ෂකයිනට සහ මානව හිමිකම් ආරක්ෂකයිනට එරෙහිව දියත් කර ඇති වෛර සහගත ප්‍රචාරයන්ට විරුද්ධව නැගී එන දේශිය සහ අන්තර් ජාතික ව්‍යාපාරයට අයිතීන් සඳහා එකමුතුව ද එක්වෙයි.
මෙකී සියළු වාචික ප්‍රහාරයන්ට එරෙහිව සිය බලවත් හඩ අවදි කරන්නැයි මානව හිමිකම් සංවිධානයන්ගෙන් ඉල්ලා සිටින අයිතීන් සඳහා එකමුතුව පොද්දල ජයන්ත මහතාගේ දියණියගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි කියා සිටී.

Source - lankanewsweb.com

Share this article with your friends