Chitika Smowtion 468x60


Friday, March 30, 2012

මහින්දානන්දට එරෙහිව නාමල් කුමන්ත‍්‍රණයක


ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරණ ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත පෙරේරාට දැනුම් දී තිබේ.
දෙවතාවකට වඩා ක‍්‍රීඩා සංගමයක ප‍්‍රධාන තනතුරු දරන්නේ නම් ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු අතර, ඒ අනුව වාර දෙකක් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධූරය දැරූ පාලිත පෙරේරා මහතා තවත් ධූර කාලයක් සඳහා සභාපතිධූරයේ රැඳී සිටීමට යොමු කර තිබූ ඉල්ලීම ක‍්‍රීඩා ඇමතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණ. නාමල් මන්ත‍්‍රීවරයා පාලිත පෙරේරා මහතාව නඩු මගට පොළඹවා ඇත්තේ ඒ අනුවය.
මාධ්‍යවේදීන් පිරිසක් පසුගියදා ලිප්ටන් වටරවුම අසළ සංවිධානය කර තිබූ විරෝධතාවයට තරුණ සේවා සභාවේ පිරිසක් සමග ගොස් පහරදීම මෙහෙයවන ලෙස නාමල් මන්ත‍්‍රීවරයා, ක‍්‍රීඩා ඇමතිවරයාට කළ නියෝගය ඔහු විසින් ප‍්‍රතික්ෂේප කර තිබීම නාමල්ගේ කෝපයට හේතු වී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends