Chitika Smowtion 468x60


Tuesday, April 17, 2012

මෙදා අවුරුදු දා ජනපති තනිවෙලා


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු තංගල්ලේ කාල්ටන් නිවසේ හෝ මැදමුලන නිවසේ පැවති අලූත් අවුරුද් චාරිත්‍රවලට ආණ්ඩුවේ සියලූ මැතිඇමතිවරුන් පමණක් නොව, පළාත් සභා මැතිඇමතිවරුන්ද ආණ්ඩුවේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ද සිය ගණනින් සහභාගි වීම සම්ප්‍රදායක්ව පැවති නමුත් මෙවර අවුරුදු චාරිත්‍ර වැඩ සටහන්වලට ජනධිපතිවරයා සමඟ සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පමණි.
 
අලූත් අවුරුදු උදාව වෙනුවෙන් 13වන දා රාත්‍රියේ තංගල්ල කාල්ටන් හි පැවති අලූත් අවුරුදු චාරිත්‍ර වැඩසටහනට ජනාධිපතිවරයාගේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතා හැරුනු කොට ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරුන් අතරින් සහභාගි වී සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැනි කිහිපදෙනකු පමණි. එසේම 15දා උදැසන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති හිසතෙල් ගෑමේ උත්සවයට සහභාගි වී සිටියේ එජාපයෙන් ආණ්ඩුවට එක් වූ දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතා වැනි කිහිපදෙනකු පමණි.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු කියා සිටියේ මැති ඇමැතිවරුන් තුළ ජනාධිපතිවරයා කෙරෙහි පවතින අප්‍රසාදය අලූත් අවුරුදු දා රටටම හෙළි වූ බවය.


















Source - lankanewsweb.com

Share this article with your friends