Chitika Smowtion 468x60


Tuesday, April 17, 2012

රේණුගේ හැටහතර මායමට ජනාධිපතිත් යටවේ


නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට මාස කිහිපයක හෝ සේවා දිගුවක් ලබාදෙන ලෙස ඔහුගේ නෑනාවන චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ. ඒ අනුව සෝමතිලක දිසානායක මහතාට මාස හතරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
රේණුකාගේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා සෝමතිලක දිසානායක මහතාට මාස හතරක් වැනි කෙටිකාලයක් සඳහා හෝ එසේ සේවා දිගුවක් ලබා දී ඇත්තේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේද ඉල්ලීමට බලපෑමක් නොවන ආකාරයෙනි. සෝමතිලක දිසානායක මහතාගෙන් පසුව නාවික හමුදාපති ධුරය රියද් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාට ලබා දෙන ලෙස ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයා වෙත දිගින් දිගට බලපෑම් කර තිබූ බව අප මීට පෙරද වාර්තා කර තිබේ.
1957.07.11 දින උපත ලද ජයන්ත පෙරේරා මහතාට 2012.07.11 දිනට වසර 55ක් සැපිරේ. එදිනට පෙර ඔහුට සේවා දිගුවක් හෝ නාවික හමුදාපති ධුරය හිමි නොවූවොත් ජූනි 11වනදා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට ඔහුට සිදුවේ. ජනාධිපතිවරයා රේණු බාලසූරිය මහත්මියටත් අවස්ථාවක් ලබා දෙමින් එසේ මාස හතරක පමණක් වූ සේවා දිගුවක් ලබා දී ඇත්තේ, ජනාධිපති ආර්යාවගේ ඉල්ලීමට ඉඩ කඩ සලසාලමිනි.
රියාද් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා මේ වනවිට නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් (මෙහෙයුම්) ලෙස කටයුතු කරයි. ඔහුව නාවික හමුදාපති කරන ලෙස ජනාධිපති ආර්යාව හරහා වැඩිම බලපෑමක් එල්ල කොට ඇත්තේ කතෝලික පල්ලිය බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි. තවද ඔහු, ජනාධිපතිවරයා වසර කිහිපයක් අධ්‍යාපනය ලැබූ තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකුවන අතර ඔහු පාසල් සමයේ රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකුද වී තිබේ. ඔහුව නාවික හමුදාපති කරන ලෙස තර්ස්ටන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ මාලදිවයින් ශ්‍රී ලංකා මහකොමසාරිස් ඩික්සන් දැල බණ්ඩාර මහතාද ජනාධිපතිවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා තිබේ.
ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඉතා කෙටිකලක් තුළදී නාවික හමුදාපති කරවීමට සියලූ සැලසුම් සකස් කොට ඇති ජනාධිපති ආර්යාව, එම කාර්යට පහසුවන පරිදි වසර කීපයක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපොවමින් සිටී. ජනාධිපති ආර්යාවගේ පියාද ශ්‍රී ලංකා නාවික හමුදාවේ ෙජ්ෂ්ඨතම නිලධාරියකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට නාවික හමුදාපති වීමට සියලූ සුදුසුකම් තිබුණද අන්‍යආගමිකයෙකු වීමනිසා ඔහුට එම අවස්ථාව අහිමි වී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends