Chitika Smowtion 468x60


Tuesday, April 17, 2012

හෝන් ගහන්නේ බලාගෙනයි !


මෝටර් රථ නලාව සහ සයිලන්සර් පාලනය කිරීමට නව නීති මාලාවක් ගෙන ඒමට යෝජිතව තිබූ බව අප මීට පෙර වාර්තා කලා. එය දැන් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

 එමගින් මෝටර් රථ නලා හඬෙහි උපරිම අගයක් තීරණය කර ඇති අතර මෙය වාහනයේ ඉස්සරහ මුහුනතේ සිට මීටර 2 ක් හෝ 7 ක් දුර සිට වන අතර මීටර් 2 ක් දුර දී නලාවේ ශබ්දය ඩෙසිබල් 105 නොඉක්මවිය යුතු බවත් මීටර් 7 ක දුරක සිට මණින්නේ නම් එම අගය ඩෙසිබල් 93 නොඉක්මවිය යුතු බවට දන්වනවා.


රථවාහන නලා වල ශබ්දය පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත්තේ පරිසර අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය ඒකාබද්ධව වන අතර ඔවුන්ගේ වාර්තා වලට අනුව ධාවනය වන වාහන ප්‍රමාණයෙන් 15 % - 20% ක් අතර ප්‍රමාණයක් අධික ශබ්ද නිකුත් කරන බව නිගමනය වී තිබෙනවා.

මෙම නීති කඩන්නන් හට රුපියල් 15,000 ක දඩ මුදලක් නියම කිරීමට හෝ වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට හෝ මෙම දඬුවම් දෙකම හෝ නියම කල හැකි වන බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

නමුත් මෙලෙස මෝටර් රථ නලා හඬ සඳහා නව නීතියක් ක්‍රියාත්මක කල ද මෙතෙක් එලෙස ශබ්ධය මැණීම සඳහා අවශ්‍යය වන උපකරණ පොලීසි වලට ලබා දී නැති බවටද දැන ගැනීමට ලැබෙනවා.








Source: http://www.gossip9.com/2012/04/blog-post_3905.html#ixzz1sICqAhDo

Share this article with your friends