Chitika Smowtion 468x60


Tuesday, April 17, 2012

විදේශ අමාත්‍යාංශ ලේකම් ධුරය ෂේණුකාට ?


විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය, දැනට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන ෂේණුකා සෙනවිරත්න මහත්මියට ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තමාට සහතික වූ බව එම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ඊයේ රාත්‍රියේ ඔහුගේ හිතවතුන් පිරිසක් සමඟ අවදාරණයෙන් යුතුව ප්‍රකාශ කර ඇත.
ජී.එල්. පීරිස් මහතා තව දුරටත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තබා ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා, ෂේණුකා සෙනවිරත්න මහත්මිය එම අමාත්‍යාංශයේ ලේකම්කරන ලෙසත් ඉල්ලා තිබේ.
නාමල් රාජපක්ෂ මහතා එංගලන්ත සරසවියක මූලික අධ්‍යාපනය හදාරමින් සිටි සමයේ, එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියක වූ ෂේණුකා සෙනවිරත්න මහත්මිය, නාමල් හා ඔහුගේ ලන්ඩනයේ හිතමිතුරන් වෙනුවෙන් මහ කොමසාරිස් කාර්යාලය වාහන දෙකක් මුදා හැර තිබූ අතර ඔවුන්ගේ අමතර වියදම් සඳහා ෂේණුකාගේ ස්වාමි පුරුෂයා අත දිගහැර වියදම් කර තිබිණ. නාමල් රාජපක්ෂ මහතා ලන්ඩනයට පැමිණි විට නවාතැන් ගැනීම සඳහා යැයි කියමින් ෂේණුකාර සෙනවිරත්න මහත්මිය මහ කොමසාරිස් නිල නිවසක් ලෙස විශාල මාසික කුලියකට ලන්ඩනයේ අති සුඛෝපභෝගී නිවසක්ද මිලදී ගෙන තිබිණ.
නාමල්ගේ රහස් වියදම් සඳහා අතදිගහැර වියදම් කර ෂේණුකා සෙනවිරත්න මහත්මියගේ සැමියා එකල එල්ටීටීඊ සංවිධානයට හිතවත් කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සමඟ ව්‍යාපාර ගණුදෙනු සිදු කර බවට ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබුණද නාමල් රාජපක්ෂ මහතාගේ බලපෑම මත ඊට අදාළ පරීක්ෂණ යට ගසා තිබේ.
කෙසේ වුවද අප වෙත වාර්තාවෙන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තිලක් අමුණුගම මහතා ඉවත් කොට ෂේණුකා සෙනවිරත්න මහත්මිය පත් කරන ලෙස ජී.එල්. පීරිස් අමාත්‍යවරයා, නාමල් රාජපක්ෂ හා සචින් වාස් ගුණවර්ධන යන මන්ත්‍රීවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට කරන බලපෑම් පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කනස්සල්ලට පත් වී සිටී. යුද්ධය පැවති සමයේදී යුද ආධාර ලබා ගැනීමටත් ඉන් අනතුරුව මෙරට දැනට සිදු කෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතින් වෙනුවෙන් චීන රජයේ අධාර ලබා ගැනීමටත් මැදිහත් වූ තිලක් අමුණුගම මහතා හදිස්සියේ ඉවත් කළහොත් එය චීනරජයේ කනස්සල්ලට හේතු විය හැකි බව ජයසුන්දර මහතා ජනාධිපතිවරයාට පැහැදිලි කර දී තිබේ. තිලක් අමුණුගම මහතා චීනයට ගැති නිලධාරියකු බව තනාපති ෙක‍ෂ්ත්‍රය තුළ ප්‍රසිද්ධ කාරණයකි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අකාර්යයක්ෂමතාවය පිළිබඳ ජනාධිපතිවරයා සමඟ ඔහුට හිතවත් නිලධාරීන් කිහිපදෙනෙකු සාකච්ඡා පවත්වා ඇති අතර එහි දී එම නිලධාරීන් අවධාරණයකොට ඇත්තේ ඉන්දීය රජය සමඟ සමීප සබඳතාවයක් ගොඩ නගාගෙන ඇති අයකු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ යුතු බවයි. ඒ සඳහා සුදුසුම පුද්ගලයා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා බව ඔවුන් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් යුරෝපා, චීන හා ඉන්දීය හිතවාදීන් වශයෙන් පැහැදිලි ලෙස කණ්ඩායම් තුනකට ඛෙදී සිටින බව අප මීට පෙරද වාර්තා කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends