Tuesday, April 17, 2012
රංගිරි දඹුලු පූජාභූමිය අස්ගිරි හිමියන්ගේ අවදානයට
රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් සංවර්ධන කිරීමේ මුවාවෙන් රජයට පවරාගෙන වෙනත් ආගමිකයින් සඳහා විකිණීම්මේ ජාවාරමක් ගැන අප මීට පෙර වාර්තා කලා.
මෙය වැළැක්වීමට අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධ රක්ඛිත ස්වාමීන්වහන්සේ මැදිහත් වී ඇති බවයි අපිට දැනගන්නට ලැබුනේ.
ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කැෂියන් හේරත් මහතාව දුරකතනය මඟින් අමතමින් ඊයේ උන්වහන්සේ පවසා ඇත්තේ බෞද්ධ විරෝධී ක්‍රියාවන් වලට බුද්ධශාසන අමාත්‍යාංශය කෙලින්ම මැදිහත් වී ගැටළුව නිරාකරණය කල යුතු බවත් එසේ නොවුවහොත් රටවැසියන් සමඟ තමන් වහන්සේ එවැනි ක්‍රියාවන් වලට එරෙහිව වීදි බහින බවත් ය.
පූජා භූමි අක්කර 300 ක ප්‍රමාණයක් මේ වනවිට රජයට පවරාගෙන ඇති බවත් ඉන් අක්කර 40 ක් පමණ මේ වන විටත් විවිධ පුද්ගලයින් වෙත ලබා දී ඇති බවත් උන් වහන්සේ වැඩිදුරටත් පවසා තිබෙනවා.
Source: http://www.gossip9.com/2012/04/blog-post_7110.html#ixzz1sIBuZ4aN
රංගිරි දඹුලු පූජාභූමිය අස්ගිරි හිමියන්ගේ අවදානයට
2012-04-17T16:00:00+05:30
Admiral