Chitika Smowtion 468x60


Tuesday, April 17, 2012

ජනාධිපතිවරයා මුස්ලිම්වරුන්ට එරෙහිව ඉනාමළුවේ හිමි උසුගන්වයි ?


දඹුල්ල නගරයේ මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමට එරෙහිව ඉනාමළුවේ සුමංගල හිමියන් ලබන 18වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ඉනාමළුවේ හිමියන් ඊයේ පස්වරුවේ එම විහාරස්ථානයේ ප්‍රධාන දායකයින් කිහිපදෙනෙකු කැදවා පවසා ඇත්තේ, මෙම විරෝධතාවය ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදු කරනු ලබනු බවයි.
මෙම උද්ඝෝෂණය සඳහා සමෘර්ධිලාභීන්ගේ සහය ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
මෙම මුස්ලිම් පල්ලිය වසර 40කට වඩා පැරණිවන අතර මෑතකදී එය මුළුමනින්ම අලූත් වැඩියා කොට තිබේ.
එම මුස්ලිම් පල්ලියට එරෙහිව විරෝධතාවයක් සංවිධානය කරන ඉනාමළුවේ සුමංගල හිමියන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතෙකු වේ. ජනාධිපතිවරයා වෙනුවෙන් ඕනෑම ප්‍රකාශයක් කිරීමට ප්‍රසිද්ධියක් උසුලන ඉනාමළුවේ සුමංගල හිමියන්ට, ජනාධිපතිවරයා විසින් විශේෂවරප්‍රසාද යටතේ රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍රයක්ද ලබා දී ඇත.
ඉනාමළුවේ සුමංගල හිමියන් පළමුවරයට දේශපාලන ෙක‍ෂAත්‍රය තුළ ප්‍රසිද්ධියට පත් වූයේ කණ්ඩලම වැව්තාවුල්ලේ සුඛෝපභෝගී හෝටලයක් ඉදි කිරීමට එරෙහිව සිදු කළ දැවැන්ත විරෝධතාවය හේතුවෙනි. එහෙත් එම විරෝධතාවය අතරමග නවතා දැමුවේ, කණ්ඩලම හෝටලයේ පරිපාලනය විසින් උන්වහන්සේට ලක්ෂ ගණනක මුදලක් ලබා දීම හේතුවෙන් බවට චෝදනාවක්ද එල්ල වී තිබේ. එසේම කණ්ඩලම හෝටලට එරෙහිව සටන් කළ උන්වහන්සේට බොහෝ අවස්ථාවල දහවල් දානය හා වෙනත් ආහාර පානාදිය ලබා දෙන්නේද කණ්ඩලම හෝටල් පරිපාලනය විසිනි.

Source - lankanewsweb.com

Share this article with your friends