Chitika Smowtion 468x60


Tuesday, May 15, 2012

සරත් ෆොන්සේකා පිලිබඳව ජනපතිගේ දෙබිඩි මතය


හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන බවට පැතිර යන ආරංචි තමන්ද දැන ගත්තේ මාධ්‍ය වාර්තා හරහා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවසුවා.

ඒ ඊයේ උදැසන අරලියගහ මන්දිරයෙදි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් හමුවු අවස්ථාවෙදියි.

මෙම හමුවෙදි එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රි ජොන් අමරතුංග මහතා ජනාධිපතිවරයාගෙන් විමසා ඇත්තේ සරත් ෆොන්සේකා නිදහස් කිරිම පිළිබදව පවතින තත්ත්වය කුමක්ද කියාය.


එහිදි ජනාධිපතිවරයා සිනාසෙමින් පිළිතුරු දි ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ එවැනි නිදහස් කිරිමක් පිළිබදව තම්න් තොරතුරු දැන ගත්තේද එ සම්බන්ධයෙන් මුද්‍රිත මාධ්‍ය ඇතුලු මාධ්‍ය වාර්තා හරහා බවයි.

රට තුල එසේ පවසන ජනාධිපතිතුමා විදෙස් මාධ්‍යයන්ට පවසන්නේ තවත් කතාවකි.

"ද හින්දු" පුවත්පතට ඊයේ ජනාධිපතිතුමා පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මහතා ඉක්මනින්ම නිදහස් කරන බවයි

ටිරාන් අලස් මහත මේ වන විට සිටින්නේ එංගලන්තයේ නිසා ඔහුගේ පැමිණීමෙන් පසුව සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන බවත්, එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ටිරාන් අලස් මහතාට බවත් ජනාධිපතිතුමා එහිදී "ද හින්දු" පුවත්පතට පවසා තිබෙනවා.

එම වාර්තාව මෙතනින්.








Source: http://www.gossip9.com/2012/05/blog-post_2469.html#ixzz1uwgujNBv

Share this article with your friends