'අපි ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරනවා' -ජනපති කියයි : කොන්දේසි මොනවාදැයි ජනතාව විමසිල්ලෙන්-
"අපි ෆොන්සේකා ඉක්මණින් නිදහස් කරනවා" යැයි රෙජීමාධිපති මහින්ද රාජපක්ෂ කොළඹදී පැවැසී යැයි ඉන්දියාවේ 'ද හින්දු පත' වාර්තා කරයි. රාජපක්ෂ එසේ පවසා ඇත්තේ ඊයේ 'ගෝඨාගේ යුද්ධය' නම් පොත දොරට වැඩීමේ උත්සවයේදී හින්දු පුවත් පතේ මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පොන්සේකා නිදහස් කිරීමට ඇති ප්‍රමාදය කිමෙක්දැයි හින්දු පුවත්පතේ රාධක්රිෂ්නන් ප්‍රශ්න කළවිට රාජපක්ෂ පවසා ඇත්තේ පොන්සේකා නිදහස් කර ගැනීමට ඛෙහෙවින් මහන්සි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ශ්‍රී ලංකාවේ නොසිටීම බවයි. මහා බි්රතාන්යයට ගිය අලස් මන්ත්‍රීවරයා අද ලංකාවට එතියිද ඔහු නිදහස් කර ගැනීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතු යයිද ජනපති හින්දු පත්‍රය සමග කීවේ යැයි එහි සඳහන් වේ.
ජනාධිපති සවස හින්දු පත්‍රයට මෙසේ පවසද්දී උදේ එජාප නියෝජිතයන් සමග කළ සාකච්ඡාවේදී ෆොන්සේකා නිදහස් කරන බව මාධ්‍ය වල පළවී ඇති ප්‍රවෘත්තිය ගැන විමසූ විට කීවේ තමාද එය දැනගත්තේ මාධ්‍ය වලින් බවත් ටිරාන් ආ විට ඒ ගැන විමසිය යුතු බවත් ය.
සිරකරුවන්ට සමාව දෙන්නේ ජනාධිපතිවරයා මිස ටිරාන් අලස් මන්ත්‍රීවරයා නොවේ.
ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට නම් ඔහු හෝ පවුලේ අයෙක් සමාව ඉල්ලිය යුතු යැයි මහින්ද රාජපක්ෂ මීට පෙර ආගමික නායකයන්ටද දේශපාලන නායකයන්ට ද පවසා තිබිණ. ෆොන්සේකා මහතා කිසිසේත්ම සමාව ඉල්ලන්නේ නැති බව පුන පුනා ප්‍රකාශ කර තිබිණ.
මේ අතර ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට ටිරාන් අලස් මන්ත්‍රීවරයා රාජපක්ෂ සමග සාකච්ඡා කරන්නේ ජෙනරාල්වරයාගේ සහ පවුලේ පූර්ණ අනුමැතිය ඇතිව බවත් ඒ සඳහා හෙළිකල නොහැකි කොන්දේසි ඇති බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.
මේ අතර ගුවන් විදුලි නාලිකාවකින් ජෙනරාල් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශක බන්ධුල ජයසේකර මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ ෆොන්සේකා මහතා නිදහස් කරන්නේ කිසිදු විදේශ බලපෑමක් නිසා නොවන බවයි.
ඊයේ එජාපය සමග සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සමච්චලයට මෙන් මේ කාරණය ගැන තවත් කතාවක් විමසා තිබිණ.
"ඇයි දැන් සජිත් කියනවා නේද? එයාගේ නායකයා ජෙනරාල් ෆොන්සේකා කියල ?"
"නෑ නෑ එජාපයට ඉන්නේ එක නායකයයි" තිස්ස පිලිතුරු දී තිබේ.
මේ අතර රාජපක්ෂලා විසින්ම ජෙනරාල් ෆොන්සේකා මහතා අසාධාරණ ලෙස පැහැරගෙන ගොස් සිරගත කිරීමටත් අසාධාරණ නඩු වැලක් පටලවා ඔහු තව තවත් කරදරයට පත් කිරීමටත් එරෙහි වූ ජනතාව ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීම ගැන අතිශයින් සතුටු වන අතර රාජපක්ෂලාට එක්වරම කරුණාව පහල වූ අනෝමා ෆොන්සේකා මහත්මියද කී කොන්දේසි කුමක්දැයි යන්න ගැන විමසිලිමත් වෙති.