තමා කිසිදු වරදක් නොකර නොමැති හෙයින් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා අවධාරණය කර සිටී. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් 'ද ෆිනෑන්ස්' සමාගමේ කොටස් වැඩිකරන ලද අධික මිලගණන් යටතේ මිල දී ගැනීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා හමුවේ සභාපතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට පැතිරයන රාවය පිළිබඳව මාධ්‍යවේදීන් කිහිපදෙනකු කළ විමසීමේදී ඔහු ඒ බව සඳහන් කර තිබේ.
මෙම කොටස් මිල දී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මේ මොහොතේ, කිසිවක් ප්‍රකාශ නොකරන බවත්, මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණයෙන් පසු මීට වගකිවයුතු සැබෑ වගඋත්තරකරුවන් කවුරුන්දැයි මුළු රටටම හෙළිදරවු වනු ඇති බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ වුවද ජාතික ඉතිරි කිරීමේ බැංකුව අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවන පරිදි, ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවා ඇත්තේ, එම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික, ජනාධිපති ජෝතිශ්‍ය උපදේශක සුමනදාස මහතාය. ඒ අනුව මෙම ගනුදෙනුවට අදාළ තරැවුකාර සමාගමවන තැප්‍රෝබේන් සිකියුරිටි සමාගම සමඟ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත්තේ අධ්‍යක්ෂක සුමනදාස මහතාගේ උපදෙස් මත එම ආයතනයේ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) කිත්සිරි බණ්ඩාර විෙජ්රත්න මහතාය. අදාළ ගිවිසුම්වලට ජාතික ඉතිරිකිරීම් බැංකුව වෙනුවෙන් අත්සන් කොට ඇත්තේ ද ඔහුය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම කොටස් මිලදී ගැනීම සිදුකරන බව ජෝතිශ්‍යවේදී සුමනදාස මහතා එම ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට අවධාරණ කර තිබී ඇත.
Source - lankanewsweb.com