මරාගේ සුදුවෑන් මිනීමරුවන් නීතියෙන් සඟවන ජනාධිපති නීතිඥයා හෙලිවේ-
මිනීමරු මරා රෙජීමයේ සුදු වෑන් පැහැර ගැනීම් ගැන රෙජීමයේ මිනීමරු නීති විශාරදයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති නීතිඥ සේපාල රත්නායක නමැත්තා බව අප වෙත වාර්තා වේ.
මොහු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර එහි සේවය කරන්නෙකි. මිනීමරු නීති උපදෙස් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවන ජනාධිපති නීතිඥයෙකි.
මොහුට පැවරී ඇති මිනීමරු කාර්යය නම් මරාගේ හෝ ගෝරාගේ මිනීමරුවන් විසින් සුදුවෑන් පැහැර ගැනීමක් සිදුකළ පසු ඒ සම්බන්ධ පැමිණිල්ල අදාල පොලිස් ස්ථානයට ලැබුණු විට එය සටහන් කර ගැනීමේදී නීතිමය මඤ්ඤං භාවයක් ඇති කරලීමයි.
සුදුවෑන් පැහැර ගැනීමේ දී පොලීසිය සටහන් තැබීමේදී අනාගතයේදී හෝ අනතුරක් නොවන ආකාරයට සටහන් තැබීම ගැන පොලිසියට පැමිණ අදාල නීතිමය වංචාවේ උපදේශකයා ලෙස කටයුතු කරන්නේ මෙම ජනාධිපති නීතිඥ සේපාල රත්නායක ය.
අදාල පොලිස් නිලධාරියා නීත්‍යාණුකූල ආකාරයට සටහන් තබද්දී එසේ නොකොට එම සටහන් නීතිමය කටයුත්තක් ඉදිරියේදී සදාකාලික මඤ්ඤං වන ආකාරයෙන් සටහන් කරගන්නේ කෙසේද යන්න ගැන උපදෙස් දෙන්නේ මොහුය.
මේ කාලකන්නියාගේ ගම ඇඹිලිපිටිය බව දැනගන්නට තිබේ. මොහු ගැන වැඩි විස්තර මතුවට බලාපොරොත්තු වන්න.
Source - http://www.facebook.com/lankaenews