Chitika Smowtion 468x60


Tuesday, May 15, 2012

මුදල් ලේකම් හා පොලිස්පතිවරයා කළකිරීමෙන්


තම තමන්ගේ ෙක‍ෂ්ත්‍රයන්හි සිදුවන නොවැලැක්විය හැකි අකටයුතුකම් තවදුරටත් දරාගත නොහැකිව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා බලවත් සේ කලකිරීමට පත්ව සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තාවේ.
තමන්ට තවදුරටත් මෙම තනතුරේ කටයුතු කිරීමේ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, ජනාධිපතිවරයා වටා සිටින ජාවාරම්කරුවන් කීහිපදෙනෙක්ම මුදල් අමාත්‍යාංශයේ තීන්දු තීරණ හා වැඩ සටහන්වලට අනවශ්‍ය පරිදි ඇඟිලි ගසබවත්, එම තත්ත්වය යටතේ සමස්ත ආර්ථීකයම කඩා වැටීමේ අනතුරක් පවතින බවත් පී.බී. ජයසුන්දර මහතා පවසා තිබේ. ජනාධිපතිවරයා වටා සිටින එම ජාවාරම්කරුවන් පිරිස ඔහු විසින් හඳුන්වා ඇත්තේ 'ආර්ථීක ඝාතක'යින් ලෙසිනි.
මෙම තත්ත්වය යටතේ තමාට විශ්‍රාමගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් කිහිප අවස්ථාවකදීම ඉල්ලා සිටි නමුත්, ඒ සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් සඳහන් කළ ඇති ජයසුන්දර මහතා, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා තමා වැරදිකරුවෙකු කොට දුන් තීන්දුව අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බැවින් ඔහුව අපහසුතාවයකට පත් කොට ඉල්ලා අස්වීමට නොහැකි තත්ත්වයක් තිඛෙනබවත් පවසා තිබේ.
ජයසුන්දර මහතා එම කාරණා සඳහන් කොට ඇත්තේ හිටපු ජනාධිපති ලේකම්වරයකුවන මනෝ තිත්තවැල්ල මහතා සමඟ පසුගියදා සුහද කතාබහක යෙදී සිටියදීය.
මෙලෙස පොලිස්පතිවරයාද තමන්ට ඉල්ලා අස්වීමට අනුමැතිය ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇතත්, ආරක්ෂක ලේකම්වරයා එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. විලච්චියේ නිධන් කොල්ලයට තමන්ගේ නම ද ඈදීම පිළිබඳව පොලිස්පතිවරයා මේ වනවිට දැඩි ලෙස කලකිරීමට පත්වී සිටී. එම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්ගේ නියෝගය මත පොලිස්පතිවරයා නිවේදනයක් නිකුත් කිරීම හත්පොලේ ගා ගැනීමක් බව පොලිස්පතිවරයාගේ හිතවතුන් කිහිපදෙනෙකු ඔහුට පවසා ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends