Chitika Smowtion 468x60


Friday, November 16, 2012

4G දුරකථන ජාල සඳහා සංඛ්‍යාතයන් වෙන්දේසි කෙරේ

4G හෙවත් LTE දුරකථන ජාල ආරම්භ කිරීම සදහා වන සංඛ්‍යාතයන් වෙන්දේසි කිරිමට විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.

4G දුරකථන ජාල ලබන වසරේ සිට වාණිජ මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් ඉදිරි මාස දෙක ඇතුලත මෙම වෙන්දේසිය ‍පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් විදුලි සංදේශ නියමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසනවා.



මීට වසරකට පෙර ලක්ෂ 7ක් වූ රැහැන් රහිත සහ ඒ.ඩි.එස්.එල් පාරිභෝගිකයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 12 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් ඉන්ටර්නෙට් භාවිත කරන්නන් සංඛ්‍යාව සියයට 50 කින් පමණ ඉහල ගොස් තිබේ.







Source: http://www.gossip9.com/2012/11/4g.html#ixzz2CKA0UhKX

Share this article with your friends