Chitika Smowtion 468x60


Friday, November 16, 2012

යෝෂිතට වෙඩි තැබීමේ පදක්කම් දෙකක්

2012 වසරේ පිස්තෝලයෙන් වෙඩි තැබීමේ ජාතික ශූරතාවලියේ පදක්කම් 2ක් දිනාගැනීමට යෝෂිත රාජපක්ෂ සමත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය මෙහෙයවනු ලැබූ මෙම තරඟාවලිය පැවැත්වුනේ පසුගිය 11 වනදා සිට 13 වනදා දක්වා වැලිසර නාවික හමුදා වෙඩි තැබීමේ පිටියේ දීය.

ස්ටෑන්ඩඩ් ඩිවිෂන් තරඟ අංශයේ ජයග්‍රාහකයාට හිමි අන්තර් ජාතික ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලන සභාපතිගේ පදක්කම (IPSC International President's Medal for the Standard Division ) හා කේවල ස්ටෑන්ඩඩ් ඩිවිෂන් තරඟ අංශයේ ජයග්‍රාහකයාට හිමි පදක්කමයි ඔහු එලෙස දිනාගන තිබෙන්නේ.

මෙම තරඟාවලියට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු දිවයිනේ ප්‍රමුඛ පෙලේ වෙඩි තැබීමේ කණ්ඩායම් 14ක් සහභාගි විය.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති ජේසීඅයි ශ්‍රී ලංකා ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන විශිෂ්ට තරුණ සම්මාන ප්‍රදානෝත්සවයේදී "පුද්ගල නිපුනත්වය" (Personal Accomplishment) සඳහා වන සම්මානයද බැසිල් රාජපක්ෂ මහතා අතින් හිමිවුනේ යෝෂිත රාජපක්ෂට ය.























ජායාරූප Navy.lk හා defence.lk වෙබ් අඩවි වලින්







Source: http://www.gossip9.com/2012/11/blog-post_5969.html#ixzz2CKEbzNJu

Share this article with your friends