Chitika Smowtion 468x60


Friday, November 16, 2012

පොලිසියට ‘පාට්’ දැමූ තුන් දෙනෙකුට ඇප නෑ




නීතිය අතට ගෙන සාමාන්ය ජනතාව කටයුතු කරන්නේ නම් රටේ පොලිසියෙන් පලක් නැතැයි විවෘත අධිකරණයේ දී පවසමින් අනුරාධපුර මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළාය. පොලිසියට එරෙහිව සැකකරුවන්ගේ නීතිඥයින් කළ ප්‍රකාශ මහේස්ත්‍රාත්තුමිය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළාය.
තිරප්පනේ පොලිස් වසමේ ගල්කුලම ඉන්ධනහල අසල මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම පිළිබදව නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ සැකකරුවන් දෙදෙනෙකු හා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකු ඇතුළු තිදෙනෙකු මේ අනුව මෙමස 28 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

ඉකුත් 10 ගල්කුලම හන්දිය අසළදී සැකකරුවන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව පොලිසිය අධිකරණයට දැන්වූ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීචඥවරයා කියා සිටියේ පොලිස් නිලධාරීන් විවිධ අකටයුතුකම් කරන බවත් ත්‍රීරෝද රියදුරන් ඒවාට ඉඩ නොදෙන නිසා ඊට පලිගැනීමක් ලෙස මේ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්ය.මහේස්ත්‍රාත්වරිය එම ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කළාය. මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ප්‍රදේශය අතැර පළා ගොස් සිටින සෙසු සැකකරුවන්ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

- බුද්ධික මහේෂ් විජේසූරිය-අනුරාධපුර



Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4120:2012-11-15-09-22-54&catid=34:news&Itemid=62

Share this article with your friends