Chitika Smowtion 468x60


Friday, November 16, 2012

“රතු වැස්සක්” වැටිලා


පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට 15 පෙරවරුවේ රතු වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මනම්පිටිය, සීලපුර ප්‍රදේශයටත් දිඹුලාගල ඇල්ලේවැව සහ හිඟුරක්ගොඩ ප්‍රදේශවලටත් මෙසේ රතු වැසි වැටී ඇතැයි එම ප්‍රදේශවාසීහු සවසති. මනම්පිටිය සීලපුර ප්‍රදේශයේ පදිංචි ‍ජී.කේ.ඩී. ජයවීර මහතාගේ නිවසේ මහලයෙන් 15 පෙ.ව 7.30 ට පමණ වැසසත් සමඟ රතුපාට වතුර වැටෙනු දැක ඇති අතර පසුව එම වතුර ප්ලාස්ටික් භාජන කිහිපයකට එකතු කිරීමට කටයුතු කර ඇත. මෙසේ එකතු කරගත් රතු පැහැති ජලය භාජනයේ අඩියේ කිසියම් දුඹුරු පැහැ මණ්ඩි විශේෂයක් තැන්පත් වී තිබෙන අන්දම ද නිරීක්‍ෂණය කළ හැකිවිය.
මේ පිළිබඳව පෙළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරන සහාකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතාගෙන් අප විමසීමක් කළ අතර මේ සම්බන්ධයෙන් පරික්‍ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බව පැවසීය. දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශ‍යට උදෑසන රතු වර්ෂාව වැටී ඇත්තේ 15 පෙ.ව 7.00 සිට 8.00 දක්වා කාලයේය. මනම්පිටිය සීලපුර ප්‍රදේශයේදී මෙම වර්ෂාව ඇද හැලෙන අයුරු කිහිප දෙනෙකු විසින් දැක තිබේ. තමන් වැහි වතුර එකතු කර ගැනීම සඳහා භාජනයක් වහලයේ පිහිල්ලෙන් වැටෙන ස්ථානයේ තිබූ විට රතු පැහැති ජලය එම භාජනයට‍ වැටුණු බව සිද්ධිය ඇසින් දුටු මනම්පිටියේ තමරා නන්දනී ගුරුසිංහ මහත්මිය පැවසුවාය. එම වර්ෂාව පැයක පමණ කාලයක් පැවැති අතර එම කාලය පුරාව රතු පැහැති වර්ෂාව ඇද හැලුන බව ගුරුසිංහ මහත්මිය පැවසුවාය.

"රතු වැස්ස"ගැන පරීක්ෂණ

මේ අතර එම සෙවනගලට හා මනම්පිටියට ඇද හැලුණු "රතු වැස්ස"පිළිබදව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි එහි අධ්‍යකෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා පැවසීය.සෙවණගල ජල සාම්පල මේ වනවිටත් පරීක්ෂා කරන බව හෙතෙම අවධාරණය කළේය.මෙවැනි වැස්සක් මෙරටින් වර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් ලෝකයේ යම් යම් ස්ථානවළින් මෙවැනි වර්ෂාවන් වාර්තා වී තිබෙන බවත් ඔහු පැවසීය.
මෙය මල් රේණු හෝ ජලජ ශාක හෝ කර්මාන්ත ශාලාවල ඩයි විශේෂයක් දූලි සමග මුසු වී ඉහළ අහසට ගමන් කිරීමෙන් ඇතිවූ තත්ත්වයක් නිසා සිදු වූවක්ද යන්න පිළිබදව සොයා බලන බවත් පරීකෂණයෙන් අනතුරුව එය නිශ්චිතව කිවහැකි බවත් ඒ මහතා සදහන් කළේය.












- ශ්‍රියානී විජේසිංහ/ප්‍රියන්ත බණ්ඩාර - පොළොන්නරුව



Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=4119:2012-11-15-09-08-38&catid=34:news&Itemid=62

Share this article with your friends