Chitika Smowtion 468x60


Thursday, February 9, 2012

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට නිදහස දිනාදීම වෙනුවෙන් එක්වන්ව පෙළ ගැසෙමු


නිති විරෝධී හා අසත්‍ය චෝදනා මත දැනට බන්ධනාගාර ගත කොට සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පැහැරගෙන ගොස් දෙවරසක් ගතිවීම නිමිත්තෙන් ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය’’ විසින් කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය අසළ පැවැත්වීමට නියමිත සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමේ අරමුණින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස ආණ්ඩුව ගෙන යන අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටී, ජෙනරාල්වරයා වෙනුවෙන් ජාති ආගම්, කුල මල හා පක්ෂ පාට භේද ඉවතලා සහභාගී වී තම කැපවීම පෙන්වන මෙන් තම ව්‍යාපාරයේ සාමාජික සාමාජිකවන් ඇතුළු කෘතගුණ දත් සියලූ ශ‍්‍රි ලාංකේය පොදු මහ ජනතාව වෙත ආරාධනා කර සිටිබව විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය’’ කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

‘‘එසේම ජෙනරාල්වරයා නිදහස් කරගැනීම සඳහා ආණ්ඩුව සමග දැනට සිදු කෙරෙනවා යැයි සඳහන් සාකච්ඡා පිළිබද අපගේ මතය වෙනස් වුවත් එවැනි සාකච්ඡා පිළිබද කිසියම් විශ්වාසයකින් සිටින අනෝමා ෆොන්සේකා මහත්මිය මාධ්‍යයට ප‍්‍රකාශ කළ පරිදිම අද දින පැවැත්වීමට නියමිත අද්ඝෝෂණය ‘‘ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් නොවන බව’’ ඉතා පැහිදිලිව ප‍්‍රකාශ කොට සිටියදීත් අද දින කොළඹ අලූත්කඬේ ප‍්‍රදේශයෙන් ජීව අත්බෝම්බ හමුවුණා යැයි පවසමින් ආරක්ෂක අංශ සමග එක්තුව ආණ්ඩුව ගෙන යන අසත්‍ය ප‍්‍රචාර මගින් වත්මන් ආණ්ඩුව ස්වකීය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයේ නිරුවත මෙන්ම ජෙනරාල්වරයා නිදහස් කිරීමට ඇති තම අකමැත්ත අප හමුවේ නැවත නැවතත් ප‍්‍රදර්ශනය කරමින් සිටින බව අපගේ විශ්වාසයයි.

එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මේ ආණ්ඩුවේ ඒකාධිපති ෆැසිස්ට් පන්නයේ පාලනයට අභියෝග කොට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා ඉදිරියේදී ආණ්ඩුවට බල කෙරෙන අරගලයට කැප වෙන මෙන් ආණ්ඩු විරෝධී සියලූ බලවේගවලට හා පොදු මහ ජනතාව වෙත අයාචනා කර සිටිමු.’’

Share this article with your friends