ශිහාන් කොහොමද අලුත් ජීවිතේ
(හිනැහී) හරිම සුන්දරයි. ජීවිත කාලය පුරාම ඒ සුන්දරත්වය තියාගන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රථම ප්‍රේමය විවාහයකින් කෙළවර වන්නේ කලාතුරකින්
මම ඇයව බිරිඳ විදියට තෝරාගත්තේ ප්‍රථම පෙම්වතිය හින්දම නමෛයි මට ගැළපෙනම කෙනා හින්දා.
මොනවද ඒ ගැළපීම්
මම කිව්වොත් පාන්දර 2ට කෝල් කරනවා කියලා එයා පාන්දර 2 වෙනතුරු ඇහැරගෙන ඉඳී. ඒ වගේමයි මම සතියක් කෝල් කළේ නැතුව හිටියොත් ඒත් එයාට ගාණක් නැහැ. ඒ ඔක්කොටම වඩා විශේෂ දේ තමයි මම ගැන මොන විදියේ කටකථාවක් ඇහුවත් එයාට මාව විශ්වාසයි.
මේක ඉක්මන් විවාහයක්ද?
මගේ තාත්තා සේවය කරන්නේ විදේශයක. අක්කා විවාහයෙන් පසුව පදිංචිය ඔස්ට්‍රේලියාවේ. අම්මට අක්කා ළඟට යන්න ඕන. මේ සියලු දේ නිසා දෙපාර්ශ්වයම යෝජනා කළේ ඉක්මනට විවාහය ගනිමු කියලයි. අම්මට ඔස්ට්‍රේලියා යන්න තිබුණෙ 27 වැනිදා (ජනවාරි). ඊට පෙර දින 10 ක් ඇතුළතදී සියල්ල සංවිධානය කළා. කාලය කෙටි නිසා ලොකු උත්සවයක් ගන්න සංවිධාන කටයුතු කරන්න බැරි වුණා. පල්ලියේ පැවැත්වූ දේව මෙහෙයට සහ චාරිත්‍රවලට දෙපාර්ශ්වයේ ඥාතීන් පමණයි සහභාගී වුණේ.
එයාගෙ විස්තර ටිකක් කියන්න
ඇය ගෙෂ්නි ක්ලෙමන්ටා. සංගීතයට නම් යොමුවෙලා නැහැ. හැබැයි නර්තනයට දක්ෂයි.
ගෙෂ්නි මොනවද කරන්නෙ?
බැංකු ක්ෂේත්රයේ රෑකියාව කළා. දැන් මගේ කැමැත්ත මත එයින් ඉවත් වෙලා.
දෙන්නට දෙන්න ආදරේට කතා කරන්නේ කොයි විදියටද ?
පාසල් යන කාලේ මම එයාට කිව්වේ ශෙෂි කියලා. එයා කතාකළේ ශිහාන් අයියා කියලා. බැන්දා කියල වෙනසක් නැහැ. තවමත් ඒ විදියටම තමා කතා කරන්නේ.
වසර ගණනාවක පෙම්දම අතරතුරදී හිත් අමනාපකම් ඇතිවෙලා නැද්ද ?
අපි ළංවෙලා දුරස් වුණ අවස්ථා වගේම දුරස් වෙවී ආයෙම ළංවුණ අවස්ථා තියෙනවා. කොහොම හරි අන්තිමට වෙන් නොවෙන්නම ළංවුණා.
දෙන්න තරහා වෙලා තියෙනවද?
ඔව්, ඕන තරම් වෙලා තියෙනවා. මගේ කේන්තිය නිවෙන්නෙ වෙලා යනවා. එයාට ඉක්මනට කරුණාව ඉපදෙනවා.
ඇය සුපර් ස්ටාර් සමග වූ හඳුනාගැනීමක්ද?
සුපර් ස්ටාර් ගැන හිතලා තියා දන්නෙවත් නැති කාලයක වෙච්ච හඳුනා ගැනීමක්. එය මගේ ප්‍රථම ප්‍රේමයයි. පාසල් යන කාලයේ උසස් පෙළ හමාර කරන්න සිටි අවදියේදී තමයි ඇය හඳුනා ගත්තෙ. මට වඩා එයා අවුරැදු 4 ක් බාලයි. මම ජනප්‍රිය වෙන්නට පෙර ඇතිවූ ප්‍රේමය තමයි වඩා අර්ථවත් වෙන්නෙ. ගෙෂ්නි සහ අපේ පවුල් සාමාන්‍ය පවුල් දෙකක්. එයාගේ අම්මා තාත්තට අමතරව අයියා කෙනෙක් ඉන්නවා. මට දෙමාපියන්ට අමතරව ඉන්නෙ අක්කා.
ශිහාන්ව අයිති කරගන්න හීන මවපු තව ගෑනු ළමයි හිටියා නේද ?
ඔව්, ඒ අයගෙන් විවිධ ප්‍රතිචාර තිබුණා. මාව එයාලගේ හදවතින් අයිති කරගෙන මට නීතිරීති දාපු අයත් හිටියා. හැබැයි අර මුලින් කිව්ව වගේ ශෙෂී නම් මට ඒ විදියට නීතිරීති දාන්න ආවේ නැහැ.
එල්විස් පේරස්ලි විවාහ වුණාම සමහර ගෑනු ළමයි වස බිවුවලු. ශිහාන්ට පෙම්බැඳි රසිකාවියන්ගෙ ප්‍රතිචාර කොයි වගේද ?
වාසනාවට තවම නම් නරක ප්‍රතිචාරයක් ආවේ නැහැ. දැනට නම් හැමෝම සුබපතන එක තමයි කරන්නේ.
ඔබට සුපර් ස්ටර් තරග කිරීමෙන් පසුව ලැබුණු ජනප්‍රියත්වය සමග එක එක අය සමග ඔබ සම්බන්ධයි කියා කතා පට බැඳුනා. එවිට ගෙෂ්නි ඒවා විඳදරා ගත්තෙ කොහොමද?
විවාහය කෙරෙන්න ප්‍රධාන ගුණාංගය වුණෙත් එයමයි. ඒ වගේ කතා හැදෙද්දී එයා කවදාවත් මට පීඩනයක් දුන්නෙ නැහැ. මගේ වෘත්තිය හරියට තේරුම්ගෙන හිටියා. ඒ නිසා අපි දෙන්නම තීරණය කළේ අපි විවාහ වෙනකල් එය ප්‍රසිද්ධ කරන්නෙ නැහැ කියලයි. සමහරවිට ප්‍රසිද්ධ කරලා තිබුණා නම්, එළියෙ අය බොරුවට ප්‍රශ්න ඇති කරන්න තිබුණා.
කොහොම වුණත් මේ ඉක්මන් විවාහය ඔබගේ ජනප්‍රියත්වයට ප්‍රශ්නයක් නෙවෙයිද?
ජනප්‍රියත්වයට කොහෙත්ම බලපාන්නෙ නැහැ. මගේ ගීතවලට ආදරය කළ අයල කරන අය හැමදාම මා එක්ක සිටීවි. ඒත් එතැනින් එහා අදහස් දැරු අය නැති වේවි. ඒක තමයි ස්වභාවය.
ඇයි ඔබ ගෙෂ්නිට මේ තරමට ළංවෙන්න හේතුව?
නිශ්ශබ්ද චරිතයක්. මාත් වඩාත් සැහැල්ලු චරිතයක්. ලොකු විලාසිතා නැති, පොළොවෙ පයගහලා ඉන්න චරිතයක්. මගේ ගමනට තහංචි නැහැ.
මීට වඩා ඇගෙන් බලාපොරොත්තු වෙන්න තරම් වෙන මොනවත් අවශ්‍ය නැහැ.
ඇගේ වත්කම හෙව්වද?
කොහෙත්ම නැහැ. අපි සාමාන්‍ය පවුල්. කලාව නිසා දැන් මම තරමක් ස්ථාවර වෙලා. පවුල් දෙකේ දෙමාපියන් හම්බකළ දේ තමයි තියෙන්නෙ. ඒ කාලයේ කිසිවක් නැතිව නිකම්ම බෑන්ඩ් ගහපු මට තමයි එයා කැමතිවුණේ. එය උතුම් ගුණාංගයක්.
ඇය වෙනුවෙන් ඔබ ගීතයක් ගැයුවා කියලා ආරංචියි.
ඩ්‍රීම්ස් ඔෆ් ශිහාන් ගීත එකතුව මම සූදානම් කළේ සුපර් ස්ටාර් තරගයටත් පෙරදියි. ඒත් එය එළිදැක්වුණේ සුපර් ස්ටාර් වලින් පසුවයි. ඒ ගීත එකතුවට ඇතුළත්ක්ලෙමන්ටිනා (කියන ගීතය ගැයුවේ ඇය වෙනුවෙන්)
ඔබට ඇයට කියන්නේ?
ගෙෂී කියලා.
ශෙෂීට ගීත ගයන්න බැරිද?
නර්තනයට ඇය දක්ෂයි.
ගෙෂීගෙ ඔබ දකින හොඳම ගුණාංගය?
හරිම පිරිසිදුයි. හරිම පිළිවෙලයි. මාත් එහෙමයි. ඒ නිසා දෙන්නගෙ අදහස් ගැලපෙනවා.
රිගින්ටෝන් වලට අනුන්ගේ ගීත යොදාගැනීම ගැන ඔබ හිතන්නේ කොහොමද..?
ඒක ලෝකයට අලුත් දෙයක් නෙමෙයි. ඉන්දියාව වගේ රටවල එය බහුලව සිදුවන දෙයක්. ඒක එක්තරා ව්‍යාපාරික අංශයක් බවට ප්‍රචාරණය විසින් පත්කරගෙන. එතැනදි මම එය බාර ගන්නෙ වෘත්තීමය ශිල්පියකු ලෙස ලැබෙන වටිනාකම නිසයි. ඒ වටිනාකම සහ ආර්ථිකය අප කාටත් අවශ්‍යයි. ආයතනවලින් ලබාදෙන මුදල් මට විතරක් නෙවෙයි. මුල් ගායනය කළ අයටත් සම සමව ලබාදෙනවා. සමහරු ඒවා දන්නෙ නැතිව තමයි වැරදි වැටහීම් ඇතිකර ගන්නෙ.
විවාහ වුණාට තවම ශිහාන්ට මධුසමය උදාවෙලා නැහැ නේද ?
ශෙෂිව බැඳපු දාම අපේ ගෙදරට එකතු කරගෙන ආවා. ඒත් මම හදිසියේ විවාහ වූ හින්දා කලින් යොදාගත් වැඩ ඒ විදියමයි. ළඟදී මාසයකට විතර එංගලන්තයෙ යනවා. ඒ ආවට පස්සේ තමයි ඇත්තටම අපි දෙන්නට නිදහසක් ලැබෙන්නේ. මොකද ඊට පස්සේ මාස කීපයක් යනතුරු මම කිසිම වැඩක් භාරගන්නේ නැහැ.
ඒ නිදහස ගවෛන්නෙ කොයි විදියටද ?
(හිනැහී) මම මගේ මනමාලිට පොරොන්දුවෙලා තියෙන්නේ එයත් එක්ක නිදහසේ දුර ගමනක් යනවා කියලා. සමහර විට ඒ නිවාඩුව සුන්දර විදෙස් රටක ගෙවේවි.
Read more: http://www.gossip9.com/2012/02/blog-post_6596.html#ixzz1lrdNdrNo