Chitika Smowtion 468x60


Thursday, February 9, 2012

'ලංකා ලීක්ස්' නමින් නව වෙබ් අඩවියක්


ජීවිත ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවෙන් පැන ගොස් සිටින ශ්‍රී ලාංකීය මාධ්‍ය කිහිපදෙනකු විසින් 'ලංකා ලීක්ස්'(http://www.lankaleaks.com) නමින් නව වෙබ් අඩිවියක් ආරම්භ කර තිබේ. එම වෙබ් අඩවිය එම වෙබ් අඩවිය අද එළිදක්වා ඇති අතර එහි කාර්ය මණ්ඩලයට වෙබ් අඩවිය ඩොට් කොම් උණුසුම් සුභාසිංශන පිරි නමමු.


ආණ්ඩුවට එරෙහි ප්‍රබල මතයක් ගෙන යන ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය උසාවි නියෝගයක් මත ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති අතර, 'ලංකා නිවුස් වෙබ්', 'ලංකා ගාඩියන්', 'ශ්‍රී ලංකාවේ නිවුස්', 'පැපරාසි නිවුස්' හා 'රාවය නිවුස්' යන වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුළ මුළුමනින්ම අවහිර කර තිබේ.

කෙසේ වුවද එම තත්ත්වය යටතේ 'ප්‍රෝක්සි' වෙබ් අඩවි හරහා එසේ අවහිර කරන ලද සියලූ වෙබ් අඩවිවලට ප්‍රවිශ්ට වීමේ හැකියාව නව තාක්ෂණය තුළ ඇති බැවින් ආණ්ඩුවේ තහනම පුස්සක් බවට පත් වී තිබේ. එසේම ආණ්ඩුවේ එම වාරණයත් සමඟ එම වෙබ් අඩවි වඩාත් ජනප්‍රියතාවයට පත් වී ඇති අතර එම වෙබ් අඩිව පාඨක සංඛ්‍යාව 75%කින් පමණ වර්ධනයක් පෙන්නුම්කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends