Chitika Smowtion 468x60


Thursday, February 9, 2012

ජනරාල්ට කොන්දේසි සහිත සමාවක්!


රාජපක්ෂවරුන් විසින් ඊයේට (08) වසර දෙකකට පෙරදී බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන සිරගතකරනු ලැබූ, පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට කොන්දේසි කිහිපයක් යටතේ නිදහස ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.


ඇමරිකාවේ බලපෑම මත මෙම තීරණය ගෙන ඇති බවත් ඒ සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේද එකඟත්වය ලැබී ඇති බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දී ජනරාල්වරයා නිදහස් කිරීමට කටයුතු කරනු ඇති බවත් එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ජනරල් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, ඒ සඳහා දෙපාර්ශවයම කොන්දේසි ඉදිරිපත් කර ඇති බවත්, කෙසේ වුවද මේවනවිට රජයේ පාර්ශ්වයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇතිබවත් අනෝමා ෆොන්සේකා මහත්මිය පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කෙසේ වුවද නිදහස ලබාගැනීම සඳහා කිසිවිටක ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලා නොසිටින ජනරාල්වරයා, කුමන තත්ත්වයක් යටතේ වුවද කොන්දේසි සහිත සමාවක් ලබාගැනීම එකඟනොවනු ඇති බවද zජනරාල් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයZ ප්‍රධානියෙකු අප වෙත පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends