Chitika Smowtion 468x60


Thursday, February 9, 2012

අවනීතියට එරෙහි විරෝධතා රටපුරා


රාජපක්ෂවරුන්ගේ චෞර පාලනයට එරෙහිව දීප ව්‍යාප්ත මට්ටමින් සත්‍යග්‍රහ ව්‍යාපාරක් ආරම්භකිරීමටත්, ඒ හරහා ජනමතයක් ගොඩනගමින් පුළුල් උද්ඝෝෂණ මාලාවක් ආරම්භකිරීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ජනරල් සිරගතකොට වසර දෙකක් සැපරීම නිමිත්තෙන්, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය විසින් අද පෙරවරුවේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයට එක්වෙමින් අත්තනායක මහතා එසේ පැවසීය.

අද පැවති සත්‍යග්‍රහයට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් සහභාගි කරගනු ලැබුවේ විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම මත බවත්, ජනතාව පාරට කැඳවීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාරට බැස ආදර්ශයක් දිය යුතු බව වික්‍රමසිංහ මහතාගේ අදහස වූ බවත් අත්තනායක මහතා කීය.
කෙසේ වුවද ඉදිරි සති කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ගේ මූලිකත්වයෙන් රටපුරා සත්‍යග්‍රහ ව්‍යාපාර සිදුකරන බව එම උද්ඝෝෂණ සංවිධානය කිරීම සඳහා zඅවනීතියට එරෙහිව ජාතික ව්‍යාපාරයේZ කලාප කමිටු පලාත් පාලන ආයතන මට්ටමින් ස්ථාපිත කරනු ලබනු බවත් අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.
පසුගියදා පැවති ජනහමුවක් අමතමින් එක්සත් ජාතික පක්ෂයේ සංනිවේද අංශයේ ප්‍රධානී මංගල සමරවීර මහතා කියා සිටියේ රට පුරා උද්ඝෝෂණ මාලා සංවිධානය කොට මෙම වසර අවසානයට පෙර රාජපක්ෂ පාලනය පන්නා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගන බවයි. ඒ සඳහා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහයද හිමිවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


Source - lankanewsweb.com

Share this article with your friends