Chitika Smowtion 468x60


Thursday, February 9, 2012

දුමින්ද වෙනුවෙන් නීතිපති දිගටම වැඩ


ජනාධිපති උපදේශක භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියේ අවසන් වාර්තාව ශ‍්‍රී ලංකා රහස් පොලීසිය විසින් මේ වනවිට ජනාධිපති යටතේ ක‍්‍රියාත්මකවන නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇති අතර ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය මහතා කටයුතු කරනු ලැබේ.
රහස් පොලීසිය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට යොමුකළ අවසන් වාර්තාව අනුව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට එරෙහිව දන්ඩ නීති සංග‍්‍රහයේ වගන්ති 15ක් යටතේ චෝදනා ගොනුකිරිමට හැකියාව ඇති බව පෙන්වා දී තිබේ.

නමුත් මේ පිළිබදව තම අදහස් දක්වා ඇති නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජයන්ත ජයසූරිය මහතා දුමින්ද සිල්වාට එරෙහිව ගොනුකළ හැක්කේ චෝදනා දෙකක් බව, එනම් අයුතු ජනරාශිය සහ එවන් ජනරාශියක සාමාජිකයෙකුවී කටයුතු කිරීම පමණක් බව පවසා තිබේ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගේ මෙම මතය පිළිබදව මවිත වී ඇති රහස් පොලිස් නිළධාරීන් අධිකරනයට ගොනුකිරීම සඳහා දුමින්ද සිල්වාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබදව වාර්තාවක් සැකසීමට සිංගප්පූරුවට යාම සඳහා අවසර ඉල්ලා ඇත.

මෙම ඉල්ලීමට දැනට සති කිහිපයක් ගතවී ඇතත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම ඉල්ලීම දිගින් දිගටම මගහරිමින් සිටින අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රහස් පොලිස් නිලධාරීන්ට ස්ථීරවම පවසා ඇත්තේ, අයුතු ජනරාශිය යන චෝදනාව යටතේ පමණක් දුමින්ද සිල්වාට එරෙහිව නඩු පැවරිය යුතු බවයි.

මේ පිළිබදව අප වෙත අදහස් දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර සිටියේ තම දෙපාර්තමේන්තුව විසින් සකස්කළ අවසාන පරීක්ෂන වාර්තාවේ ගොනුකොට ඇති සාක්ෂි අනුව දුමින්ද සිල්වාට එරෙහිව ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට හෝ එල්ලූම්ගස් යැවීමට හැකි ආකාරයේ සාක්ෂි ගොනුකොට ඇති බවයි. නමුත් එම සාක්ෂි අධිචෝදනා සැකසීමේදී කවරආකාරයෙන් නීතිපති දෙපාර්තමේන්තුව උපයෝගී කරගනීවිදැයි කීමට තමන් අපොහොසත් බව එකී නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.


Source - lankanewsweb.com

Share this article with your friends