භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මහමඟ වෙඩි තබා ඝාතනය කරනු ලැබූ මොහොතේ, රාජිත සේනාරත්න ඇමතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව ප්‍රසිද්ධියේ විවේචනය කළ ඇමතිවරුන් කිහිපදෙනාගෙන් අයෙකි.
ඊයේ පාර්ලිමේන්තුව තුළදී ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ තමා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වූයේ ආණ්ඩුව ශක්තිමත් කිරීම සඳහා වුවද, තවත් අයෙකු ආණ්ඩුවට එක් වූයේ ඔහුගේ සොයුරාට අයත් ගුවන් විදුලි නාලිකාවේ තහනම් කර තිබූ ලයිසන් ලබා ගැනීම සඳහා බවද පැවසීය. ඇමතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ නම සඳහන් නොකරමින් වක්‍රාකාරයෙන් ඔහුට පහර දෙනු ලැබීය.
දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගේ සොයුරු, ඒබීසි නාලිකාවේ ප්‍රධානී රේනෝද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇත. එහිදී ආරක්ෂ ලේකම්වරයා ප්‍රකාශ කොට ඇත්තේ 'හිරු' ගුවන් විදුලිය හරහා දිගින් දිගටම රාජිත සේනාරත්න මහතා ඉලක්ක කොට පහර දෙන ලෙසයි.
ඒ සඳහා ආණ්ඩු පකෂයේ වෙනත් මැති ඇමතිවරුන්ගේ සහය ද ලබා ගන්නා ලෙස දැනුම් දී ඇති ආරක්ෂක ලේකම්වරයා, මේ සම්බන්ධයෙන් කිසියම් හෝ ප්‍රශ්නයක් මතු වුවහොත් ඒ පිළිබඳව තමා වගකියන බවටද සහතික වී තිබේ.
ඒ අනුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් ප්රවෘත්ති හා වාර්තා සැකසීම හිරු ගුවන් විදුලියේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙත පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා යළි ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි බැවින් ඔහු වෙනුවට රේනෝද සිල්වා මහතා දේශපාලනයට ගෙන ඒමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කරමින් සිටී. ඒ අනුව රේනෝද සිල්වා මහතාට කොළඹ නාගරික කොට්ඨාශයේ ආසන සංවිධායකධූරයක් ලබා දෙන බවටත්, ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දෙන බවටත් ආරක්ෂක ලේකම්වරයා පොරොන්දු වී ඇත.
Source - lankanewsweb.com