මේ වෙනුවෙන් ඔහු නිදහස් කරන ලෙස බලපෑම් කරමින් "අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය" විසින් සංවිධානය කළ ප්‍රථම සත්‍යග්‍රහය ඊයේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැත්වුනා.
රට මහින්දට... පාර්ලිමේන්තුව චමල්ට...
හමුදාව ගෝඨාභයට.. ආර්ථිකය බැසිල්ට...
උරුමය නාමල්ට... කරුමය ජනතාවට..
කැලෑ නීතියට ඉඩ නොතබනු... පොලිස් කොමිසම ස්ථාපිත කරනු...
විනිසුරුවන්ට බලපෑම් නොකරනු... 18 වන සංශෝධනය අහෝසි කරනු...
අධිකරණයට අත නොතබනු... සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු... ආදී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විශාල පිරිසක් එම සත්‍යග්‍රහයට එක්වී සිටියා.
මේ අතර සරත් ෆොන්සේකා මහතා සිරගත කර වසර දෙකක් පිරීම පිළිබඳව අනෝමා ෆොන්සේකා මහත්මිය සමඟ පැවති සාකච්ජාවකදී එතුමිය පළ කළ අදහස් මෙසේය.
සරත් ෆොන්සේකා මහතා සිරගතව වසර දෙකක් පිරෙන අද (08) දින එතුමාට නිදහස ලැබේවි යැයි ඔබ සිතනවාද?
නැහැ. අදම නිදහස් කරයි කියලා හිතන්න අමාරුයි. මොකද සුදු කොඩි නඩුවේ තීන්දුවට එරෙහිව ගොණු කළ ඇපෑල විභාගයට ගන්නා පළමු දවසත් අද. ඒ වගෙම මෙවන් දඬුවමක් දුන් කෙනෙකුට එක රැයින් නිදහස ලැබේවි කියලා හිතන්න අමාරුයි.
ජනාධිපතිතුමාට එක රැයින් එතුමාව නිදහස කරන්න පුලුවන් නේද?
අවශ්‍යතාවයක් තිබෙනවා නම් පුළුවන්. මොකද ජනාධිපතිතුමාට බලතල තිබෙනවා එය ඉෂ්ට කරන්න.
පසුගිය කාලට තුළ පක්ෂයක් ලෙසත්, පවුලේ සාමාජිකයන් ලෙසත් ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතියක් තිබෙනවාද? ඒ පිළිබඳ සෑහීමකට පත්වෙනවාද?
සෑහීමකට පත්වීමක් තිබෙනවා. එකමදේ තිබෙන්නේ අපි සමාව ඉල්ලුවේ නැර්ති එක විතරයි. අනෙක් හැමදෙයක්ම කළා. ජනතාව හිතනවා ඇති ඇයි මම එතුමාගේ බිරිඳ ලෙස ජනාධිපතිතුමාගේ ලඟට ගොස් සමාව ඉල්ලන්නේ නැත්තේ කියලා. මල්වතු මහනාහිමි පවා මගෙන් විමසා සිටියා ගිහින් සමාව ගත්ත නම් ඉවරයි නේද කියලා.
ඒ ජෙනරාල්තුමා හමුදාපතිව සිටි කාලයේ පටන් වරදක් නොකර කිරිම දවසක සමාව ඉල්ලුවේ නෑ. ඒ එතුමාගේ හැටි. ඒ නිසා මම මහනායක හාමුදුරුවන්ටත් පවසා සිටියේ එතුමා ගොඩ නඟාගත් ප්‍රතිරූපය බිඳින්න බිරිඳ හැටියට මම අකමැති බවයි. මමත් හිතන්නේ සමාව ඉල්ලන්න තරම් වරදක් එතුමා නොකළ බවයි, ඕනෑම කෙනෙකුට තේරෙනවා නඩුවක් ගත්තත් එතුමා වැරදිකරු කිරීමේ අදහසින් ගොඩනඟනලද කතාවක් බව. ඒ ඇරෙන්න මෙතන වෙන වරදක් සිදුවෙලා නෑ. එය පළමුවසර ලමයෙකුට පවා තෙරුම් යන සත්‍යයක්,
ඔබේ දියනියන් දෙදෙනාවත් කිසිදු අවස්ථාවකදී ඔබෙන් ඉල්ලීමක් කළෙ නැද්ද සමාව ගන්නා ලෙසට.
දියනියන් දෙදෙනාත් ඉන්නේ සමාව ඉල්ලන්න ඕනේ නෑ කියන ස්ථාවරයේ. ඔවුන් කියන්නෙත් මෙයට සාධාරනයක් ඉටු කරන්න කියා විතරයි.මමත් ඉන්නේ එම ස්ථාවරයේ. ජෙනරාල්තුමා සිටින්නෙත් එම ස්ථාවරයේ. යුක්තිය, සාධාරණය, නීතිය හරියට ඉටු කෙරෙනවා නම් මෙතන සමාව ඉල්ලිම ගැන හිතන්න උවමනා නෑ. වැරදිකරුවෙක් වෙන්නෙත් නෑ. නිවැරදිකරු ලෙස නිදහස ලැබෙනවා ස්ථිරයි.
පසුගිය කාලයේ සරත් ෆොන්සේකා මහතා හා ඔබේ පවුලේ උදවිය සමඟ අත්වැල් බැඳගත් විශාල පිරිසක් සිටියා. අදත් ඒ අය එලෙස සිටිනවාද?
පෙරට වඩා වැඩියෙන් දැන් සිටිනවා. එකම දේ ජනතාව ඉදිරියට ඇවිත් අදහස් ඉදිරිපත් කරන්න බයයි. එහෙම නැතුව කලින් සිටියටත් වඩා වැඩි පිරිසක් මේ වනවිට ඉන්නවා. පිලිගැනීම එන්න එන්නම වැඩි වෙනවා.
පසුගිය ජනාධිපතිවරණය පැවති කාලයේ ජනරාල්ට චෝදනා කළා කෲර පාලකයෙකු ලෙස. තම නිලධාරීන්ට පමණක් නොව ඔබට පවා අඩන්තේට්ටම් කරන බව. එය ඔබ දකින්නේ කෙසේද?
එදා මට එච්චර ප්‍රශ්නයක් වුනේ නෑ. ඕනෑම මැතිවරණයකදී විරුද්ධවාදීන්ට විරුද්ධව විවිධ චෝදනා නඟනවා. අපහාස කරනවා. එයත් එවැනි දෙයක්. අපේ සැබෑ ජීවිතයේදී ඒ සත්‍ය බව මම දන්නවා. එහෙත් ගම් මට්ටමෙන් ජනතාවට මෙය දැනෙන්න ඇති. ඒත් මම දන්නවා මගේ ස්වාමියා කොහොම කෙනෙක්ද කියන වග.
මේ වසර දෙක තුළ ඔබට කී වතාවක් සරත් ෆොන්සේකා මහතා දකින්න ලැබුනද?
සාමාන්‍යයෙන් මසකට වරක් එතුමාව දකින්න කතා කරන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව විශේෂ අවසරයක් මත තවත් අවස්ථාවක් ලැබෙනවා. ඊට අමතරව උසාවියේදී හා ප්‍රතිකාර කරන රෝහලට ගෙනෙන අවස්ථාවේදී සාමාන්‍යයෙන් කතා බහ කරන්න මට අවස්ථාව ලැබෙනවා.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔබ සෑහීමකට පත්වෙනවාද?
වෛද්‍යවරුන් ඉතා හොඳින් ඒ පිළිබඳව ක්‍රියා කරනවා. දැන් තිබෙනේ යුද්ධ කාලයේ තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව සොයා නොබැලීම නිසා භෞතික වශයෙන් කල යුතු ප්‍රතිකාරයි. බෝම්බයට හසුවූ කාලයේ පටන් මසකට වරක් පරීක්ෂාවක් සිදුකරනවා. එය දැනටත් සිදුකෙරෙනවා. උසාවි නියෝගයක් මත ඒ දේවල් අපට ලබාගත හැහි වුණා.
ගෙවුන වසර දෙකක කාලය තුලදී ෆොන්සේකා මහතාගේ ආකල්පමය වෙනසක් සිදුවී තිබෙනවාද?
අනිවාර්යෙන්ම තිබෙනවා. මුලදී සිටියේ තද ගති තිබුණු හමුදාපතිවරයෙක්. එහෙම නැතුව ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව යුද්ධයක් දියත් කර දිනන්න නායකත්වය දෙන්න අමාරුයි. ලෝකයේ හොඳම හමුදාවට අණ දෙන්න පෞරුෂයක් එතුමාට තිබුණා. හමුදාපතිකෙනෙකුට එය අත්‍යාවශ්‍යයි.
එවැනි සෘජජු චරිතයක් නොවුනා නම් පහල නිළයන් ඔහුගේ අණ නොපිළිපදින්නට ඉඩ තිබුණා. එය මාත් අත්දැකීමෙන් දැනගත් සත්‍යයක්. හැබැයි දේශපාලනයට පැමිණීමෙන් පසු එතුමා සෑහෙන්න වෙනස් වුනා. කතා බහ කරන විලාසය පවා වෙනස් වුණා. සැබෑ මනුෂ්‍යයා එළියට ආවේ එතකොටයි. ඒ ගැන මටත් සතුටුයි. නිල ඇඳුම දරාගන ඉන්න කාලයේ කවුරුත් කතා කරන්නත් බයයි. අදටත් සමහර රණවිරුවන් මුන ගැසුනම මට කියනවා "ජනරාල් මාත් එක්ක හිනා වුනා මට මතක් වෙනවා, ඒ කාලේ හිනා වෙනවා තියා මූනවත් බලන්නේ නැහැනේ" කියලා.
දැන් එහෙම නෙවෙයි එයාව බලන්න එන ඕනෑම කෙනෙක් එක්ක හිනාවෙලා කතා බහ කරනවා. එතුමා තුල සිටි සැබෑ මනුෂ්‍යයා දැන් මතුවෙලා. කවදත් කාටත් උදව් කරන්න එතුමා ආසයි. සත්ත්ත්ව කරුණාව අතින් බොහෝම ඉහලයි. සාමාන්‍ය ජනතාව සමඟ ගැටෙන්න අවශ්‍යය හැකියාව එතුමාට දැන් තියනවා කියලා මට හිතෙනවා. ඒ ගැන මම ඇත්තටම සතුටු වෙනවා.
ඒ වෙනසට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
සිරකරුවෙක් ලෙස සිරකුටියක ගත කරන ජීවිතය තුළින් හුඟාක් අත්දැකීම් ලබාගන්න ඇති. හැමෝම හිතුවේ එතුමාට හිතක් පපුවක් නෑ කියලා. ඒත් නිල ඇඳුමට මුවාවෙලා සිටි ඒ මනුෂ්‍යයා දැන් එළියට ඇවිත්. එතුමාගේ දරාගැනීමේ ශක්තිය ඉතා ඉහලයි. යුධ සමයේත් එය තිබුණා. එසේ නොවුනා නම් තෙවතාවක් තුවාල ලබලත් යලිත් යුද්ධයකට එන්නේ නෑ. එතුමා සැමවිටම ධනාත්මකව සිතන කෙනෙක්. මේ හැමදෙයක් නිසාම ඔහු වෙනස් වෙන්න ඇති.
ඔහු අද ප්‍රවෘති මවන්නෙක් බවට පත්වෙලා. විවිධ අවස්ථා වලදී විවිධ ප්‍රකාශ කරනවා මාධ්‍ය තුළින් දකිනවා. එය ඔබ දකින්නේ කෙසේද?
ඒ එතුමාගේ දක්ෂතාව. කවදත් හරි ඉක්මනින් දෙයක් හිතලා කතාකිරීමේ දක්ෂතාවය එතුමාට තිබුණා. කිසිම දවසක කතා කරද්දී කාගෙන්වත් ගුරුහරුකම් ලබගත්තේ නෑ. ඔහුගේ කතාව ඔහු විසින්ම සකසාගත්තා. ඒ කැකියාව තමයි එතුමාට බලපාන්න ඇත්තේ.
වෙනත් සිරකරුවන්ට වඩා වැඩි සැලකිල්ලක් ආණ්ඩුවෙන් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙනවා නේද?
නැහැ. කොහෙත්ම නෑ. අනෙක් සෑම සිරකරුවෙකුටම වගේ සිරකුටිය තුළ තිබෙන පහසුකම් තමයි එතුමාටත් ලැබුණේ. එතුමාගේ සෞඛ්යැ තත්ත්වය මත, අපේ නීතීඥ මහතුන් අධිකරනැය දැනුවත් කර අධිකරණ නියෝග මත ලබාගත් දේ පමනැයි එතුමාට ලැබෙන්නේ.
මේ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කළා කියලා දැනගන්නට ලැබුණා. එය සත්‍යක්ද?
ඔව්. ජාත්‍යන්තරය දැනුවත් කර තිබෙනවා. ඒක කිසිදු පාර්ශවයක් අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් කළ දෙයක් නෙවේ. අපිට සාධාරනයක් ඉෂ්ට කරන්න කියලයි අපි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේ. ඇමරිකන් ජනාධිපති බැරක් ඔබාමා පමණක් නෙවෙයි සියළු රටවල් දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. දැනටමත් දැනුවත් කර තිබෙනවා.
චෝදනාවක් තිබෙනවා මෙතනදී අප රට ජාත්‍යන්තරයට පාවාදීමක් ලෙස.
කොහෙත්ම නෑ. මෙය පාවාදීමක් නෙවෙයි. මෙය පාවාදීමක් ලෙස අර්ථකථනය කරන අයට තෙරුම් කරන්න ඕන අප ඉල්ලන්නේ සාධාරණත්වය පමණයි කියලා. දුවලා දෙන්නත් තමන්ගේ පියා වෙනුවෙන් කරන ආයාචනයක් කියලා.. ඒ වගේම මමත්. මගේ ස්වාමියාට සාධාරණයක් පතා තමයි එසේ කලේ කියලා.
එහි ප්‍රගතියක් තිබෙනවාද?
නැත්තේමත්ම නෑ. එ යට හැමදේටම මැදිහත් වෙන්න බෑ. ඒ අයට පුළුවන් කොටසක් තියනවා. ඒ අය ඒ කොටස ඉටුකරාවි කියලා අපට යම් අස්වැසිල්ලක් තිබෙනවා.
සරත් ෆොන්සේකා මහත සිරගත කිරීමට එරෙහිව ඊයේ අවනීතියට එරෙහි ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහයේ ජායාරූප මෙතනින් බලන්න.
Source: http://www.gossip9.com/2012/02/blog-post_09.html#ixzz1lrlgP5aG