Chitika Smowtion 468x60


Thursday, February 9, 2012

පැරීසියේ 64 වෙනි නිදහස් උළෙල


ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2012 පෙබරවාරී 04 වෙනිදාාට වසර 64කි. ඒ වෙනුවෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දි නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්වුනි. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්්‍ය දයාන් ජයතිලක හා එම මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් හා සියලූම ආගම්හී පූජ්‍ය පක්ෂයේත්, පැරීසියේ ක‍්‍රියාශීලී, සමාජශීලී සංගම්හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් අලංකාර සරුව පිත්තල නොවූ අභිමානවත් නිදහස් උත්සවයක්
පැවැත්වුනි.

විරාගය ඇතුළු වටිනා නවකථා රැුසක් ප‍්‍රංශ බසට පරිවර්තනය කල පුජ්‍ය පාද මන්ඩාවල පඥ්ඥාවංශ හිමි, පුජාපිටියේ සන්තුශුත හිමිවරුන්ගේ ආගමික වතාවත් වලින් පසු අනෙක් ආගම්හී ජුජා මෙහෙයන් ගෞරවනීය ලෙස සිදුකෙරුනි. ඉනික්බිතිව පොල්තෙල් පහන දැල්වීම, ජාතික ධජය එසවීම, විරුවන් සැමරීම, ජාතික ගී හඬ මැද ඇරඹුනු ජාතික නිදහස් උත්සව සභාව ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති තුමාගේ, අගමැති තුමාගේ, විදේශ ඇමති තුමාගේ නිදහස් දින පනිවුඩයන් ශ්‍රී ලාංකික සියලූම භාෂා වලින් සභාවට ඉදිරිපත් කළේය.

නිදහස ලැබු අවුරුදු 64න් හරි අඩක් රුදුරු යුද්ධයෙන් පිඩාවිඳි අපේ රට නැවතත් එවැනි පරිසරයකට නොයෑමට සියලූ දෙනාගේ එකමුතුවේ ඇති අවශ්‍යතාවයත් චන්ඩාශෝඛ යුධ සටන් වලින් පසු ධර්මාශෝඛ ලෙස සියලූ දෙනාම සතුටෙන් ජීවත් කරවීමට බුදු දහමට සරිලන ලෙස ඔහුගේ ජීවන ගමන් මග හැඩගැස්වූ අයුරු විස්තර කරමින් බුදු දහම ඉගැන්වූ සාමය, සමගිය, සතුට හිමි ගෞරවනීය ලෙස ජීවත්වීමට හැකි පරිසරයක් ලැබේවායි පතමින් තානාපති තුමාගේ දේශනය අවසන් කළේය. ඉන්පසු පැමින සිටි පිරිසට දේශීය අහාර පාන පිලිගන්වමින් සතුටෙන් සමගියෙන් නිදහස් දින සැමරුම අවසන් විය.


සුනිල් ආනන්ද පැරීසියේ සිට



Source - lankanewsweb.com

Share this article with your friends