Chitika Smowtion 468x60


Wednesday, February 15, 2012

පදිකවේදිකාවේ ගල් අතුරා සජින්වාස් කෝටි 700 ක් සොයයි


ආරක්ෂක ලේකම්වරයාගේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනට සිදුකරගෙන යනු ලබන කොළඹ නගරය දැකුම්කළු කිරීමේ වැඩපිලිවෙල යටතේ ඉතා විශාල මුදලක් උපයා ගැනීමේ වාසනාව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති රහස්‍ය මූල්‍ය උපදේශක සජින් වාස් ගුණවර්ධන මහතාට උදාවී ඇති බව වාර්තා වේ.
මෙම වාසනාව ඔහුට හිමිවී ඇත්තේ කොළඹ නගරයේ පදිකවේදිකාවේ ගල් ඇතිරීම (Paving Stone) වෙනුවෙනි. මෙම කාර්ය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සජින් වාස් අමාත්‍යවරයාගේ සමාගමකට මේ වනවිට ගෙවා ඇති මුදල රුපියල් කෝටි 700ක් පමණ වේ.

මෙම ඉදිකිරීම් කොන්ත‍්‍රාත් සඳහා කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කොට නැති අතර ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි සජින් වාස් මන්ත‍්‍රීවරයාට අයත් සමාගමකට මෙම කොන්ත‍්‍රාත්තුව පවරා තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends