Chitika Smowtion 468x60


Wednesday, February 15, 2012

රූපවාහිනී නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සභාපතිව අල්ලේ නටවයි


ජාතික රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) නිශාන්ත උභයවංශගේ විවිධ අක‍්‍රමිකතා සහ දූෂන කි‍්‍රයා නිසා සංස්ථා සේවකයෝ දැඩි කළකිරීමට සහ අපහසුතාවයට පත්වසිටින බව රූපවාහිනි සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
94 චන්ද්‍රිකා කුමාරනතුංග ජනාධිපතිණියගේ යුගයේ වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස රූපවාහිනියට පැමින ඇති නිශාන්ත උභයවංශට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්) තනතුර ලැබී ඇත්තේ දේශපාලන ගැතිකම් වලට සන්තෝසමක් ලෙසින් බව සඳහන් කරන එකී ආරංචි මාර්ග, ඔහු රූපවාහිනියේ සේවය කළ කාලය පුරාවට නිෂ්පාදනය කර ඇත්තේ ’’වනපස මල්‘‘ නැමැති දේශපාලන ප‍්‍රචාරාත්මක වැඩසටහන පමණක් බව සඳහන් කරයි.


නිශාන්ත උභයවංශ වැඩසටහන් නියෝඡ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කිරිමෙන් පසු හැසිරෙමින් සිටින්නේ රූපවාහිනී සභාපති මොහාන් සමරණායකට ද අවනත නොවන පුද්ගලයකු ලෙසිනි. ඔහු ඔහුගේ තනි මතයට රූපවාහිනී වැඩසටහන් හසුරවමින් සිටී. ඒ අනුව ජනපි‍්‍රය වැඩසටහන් නවතා දැමිම, වැඩසටහන් ඉදිරිපත් කරන්නන් ඉවත් කිරීම, වැඩසටහන් ඉදිරිපත්කරන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීම, ඒයට අවනත නොවන්නන් ඉවත් කර ලීම, සභාපතිව දැනුවත් නොකර පරිපාලන කටයුතු සිදුකිරීම පෙන්වා දිය හැකි බව රූපවාහිනී සංස්ථා ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

රූපවාහිනී තිස්වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ සංගීත ප‍්‍රසංගයකින් විශාල මුදල් ප‍්‍රමානයක් නිශාන්ත උභයවංශ ගසා කෑම සභාපතිට දැනගන්නට ලැබී එම වැඩසටහන නවතා නැවතත් යලි ගනන් ගැනීම් කර ඔවුනටම එම වැඩසටහන කර ගෙන යාමට මේ වන විට ඉඩ ලබාදී තිබීමත් රූපවාහිනී සංස්ථාවේ කාන්තාවන්ට ලිංගික බලහත්කාරකම් කිරීම වැනි ක‍්‍රියාවන් පිළිබදව සොයා නොබලා  කටයුතු නොකිරීමත් මගින් නිශාන්ත උභයවංශට එරෙහිව සභාපතිවරයාගේ විනිවදබාවය පිළිබදව ගැටලූ මතුවී ඇති බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.


Source - lankanewsweb.com

Share this article with your friends