Chitika Smowtion 468x60


Wednesday, February 15, 2012

මීගමු ධීවරයින් හෙට සිට යළි සටනේ - වෙඩිතබන ලෙස නියෝග


රජය විසින් ධීවරයින් සඳහා අද (14) දින ලබාදීමට එකඟවූ සහනාධාරය ප්‍රෝඩාවක් බව පවසමින් මීගමු කළාපයේ ධීවර ජනතාව හෙට උදෑසන සිට යළි ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ධීවර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා, ධීවර සමිතිවල නියෝජිතයින් පිරිසක් ධීවර අමාත්‍යාංශයට කැඳවා පැවති සාකච්ඡාවේදී ධීවර කටයුතු සඳහා සහනාධාරයක් ලබාදීමට එකඟත්වය පළකරනු ලැබීය. එම සහනාධාර යෝජනාවට ධීවර ඇමතිවරයාට  හිතවත් බේරුවෙල හා වැලිගම ප‍්‍රදේශයේ ධීවර සමිති නියෝජිතයින් කිහිප දෙනෙකු එකගත්වය පළකර ඇති අතර මීගමුව-හලාවත ධීවර සමිති නියෝජිතයින් මෙන්ම උතුරු නැගෙනහිර ධීවර නියෝජිතයින්ද එම සහනාධාර ප‍්‍රතික්ෂේප කර තිබේ.


ඒ අනුව අද රාත‍්‍රීයේද මුහුදු යෑමෙන් වැලකී සිටීමට තීරණය කර ඇති මීගමු කළාපයේ ධීවරයින් හෙට උදෑසන සිට යළි සටන් ඇරඹීමට තීරණය කර තිබේ.

ධීවර උද්ඝෝෂණ වැලැක්වීමට ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව ආරක්ෂක හමුදාවන්ද යොදවා ගනු ලැබීය. එම තත්ත්වය තුළ ආරක්ෂක හමුදාවන් සහ ධීවරයින් අතර ඊයේ සහ අද දිනයේ ගැටුම්කාරී සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබේ.

ඊයේ මීගමුව මාර්ගයේ පැවති උද්ඝෝෂණය පස්වරු 6 ට තාවකාලිකව නැවැත්වූ විරෝධතාකරුවන් සිය නිවෙස්වලට යන අතරමගදී හමුදාව විසින් ඔවුන්ට පහරදී තිබේ. එම අවස්ථාවේදී බස්රථයකින් පොලූ මුගුරු රැුගෙන පැමිණි විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරීන් පෙරියමුල්ල ප‍්‍රදේශයේ සිටි ධීවරයින්ට හා අවට ජනතාවට අමානුෂික ලෙස පහරදෙනු ලැබීය.

එම අවස්ථාවේදී ධීවරයින් පිරිසක් දේවස්ථාන භූමියට ගොස් එස්.ටී.එෆ් නිලධාරීන්ට හා ආරක්ෂක හමුදාවන්ට ගල්මුල්වලින් පහරදී ඇති අතර එහිදි ඇතිවූ ගැටුමේදී ධීවරයින් හා අවට සිටි පිරිසක් තුවාල ලබා ඇත.

අද දහවල්ද ආරක්ෂක හමුදාවන් සහ ධීවර ප‍්‍රජාව අතර ගැටුම්කාරි තත්ත්වයක් මතුවිය. ජනාධිපතිවරයාගේ අනුරුවට සැකසූ පබයෙකු මහමග පුලූස්සා දැමීමට උද්ඝෝෂකයින් සැරසුනු අවස්ථාවේදී ආරක්ෂක හමුදාවන් එය වැලැක්වීමට යාමේදී එම ගැටුම්කාරී තත්ත්වය මතුවිය.

කෙසේ වුවද ධීවර උද්ඝෝෂකයින් තවදුරටත් නීතිය නොසලකා කටයුතු කරන්නේනම් ඔවුන්ට වෙඩිතබන ලෙස ආරක්ෂක ලේකම්වරයා හමුදා ප‍්‍රධානීන්නට නියෝග කර තිබේ.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaJ8x9WiXfiuERtm7yk3w7XdUy-YiZ0z0T9TIN4_Zf7bxiTZqregOyYcobmKjKSzLBCTi9K5D04v8_MR-7KD3DMYby__Eh_X6AZGbwWHpECHFD6PoSl0W_GsxdiCi4BPimobz-6zlcaIU/s1600/negombo_2.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnQbrTabsN3twLyGz2G2QbJ0YoiZa01-H_iXGRTZTe_2HfxkDfmMaM8kAV7gtn_kb6EIfpGkRMiz3wIW-wQpGbvcHtuHVWf0f1EXEgP4fjICex7bRKvPjZAboE_RsQaywrjsjMBGIjz14/s1600/IMG_0136.jpg



Source - lankanewsweb.com

Share this article with your friends