ආණ්ඩුව විසින් ඉන්ධන මිල බරපතල ලෙස ඉහළ දැමීම පිලිබදව අදහස් දක්වමින් කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක එසේ සඳහන් වේ.
12 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම සමඟ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉන්ධන මිල ඉහළම රට බවට පත් වී තිබෙන බවත්, ආණ්ඩුවට මෙය ආශ්චර්යයක් විය හැකි නමුත් මේ ජනතාවට නම් දහවල් තරු පෙනෙන කාරණාවක් බවත් ජයසුරිය මහතා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසන ආකාරයට මෙම ඉන්ධන මිල ඉහළ දැමීම දක්වාම ඩිසල් ලීටරයකින් රුපියල් විසි පහකත්, භූමිතෙල් ලීටරයකින් රුපියල් හතළිස් පහකත් අලාභයක් සිදු වී තිබේ. පෙට්‍රල් ලීටරයකින් පමණක් රුපියල් හතක ලාභයක් උපයා ගෙන තිබේ. මෙම ඉන්ධන මිල ඉහළ දැමීම මගින් වුවත් තමන්ට වන අලාභය පියවා ගත නොහැකි යැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව කියයි.
මේ රටේ ආර්ථිකයට වින කරන යක්ෂයන් පස් දෙනෙකු සිටින බව මෙයට වසර ගණනාවකට පෙර කීවේ වත්මන් රජයේ ද වගකිව යුතු ඇමති ධුරයක් උසුලන ඇමතිවරයෙකි. එම ඇමතිවරයා එවකට පැවති රජයේ ඇමති ධුරයක් දරමින් කියු දේ අදටත් වලංගුය. මන්ද, මෙරට ආර්ථිකයට වින කරන යක්ෂයන් අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද එකක් වන නිසාය. කෙතරම් ඉන්ධන මිල ඉහළ දැමූවත් ඛණිජ තෙල් සංස්ථාව ලාභ ලැබිය නොහැක තත්ත්වයක සිටී නම් එමගින් ගම්‍යවනුයේ කාලය ගෙවී ගොස් ඇතත් ඛණිජ තෙල් සංස්ථාවේ කළමණාකාරීත්වයත්, ප්‍රතිපත්ති සම්පාදකයන් වන ආණ්ඩුවත් තවමත් පරණ පුරුදු පීල්ලෙම ගමන් කරන වගය.
බලශක්ති ක්ෂේත්රය ලාභදායී බව පොදුවේ පිළිගැනෙන කාරණාවකි. දැන් දැන් හෙළි වන කාරණාවලට අනුව පැහැදිලි වන්නේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව රාජ්‍ය ආයතන සඳහා ණයට දුන් ඉන්ධනවලට අය විය යුතු මුදල් නිසි ලෙස අය කර ගැනීමට තවමත් අසමත් වී ඇති බවයි. සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය තුළම මේ වන විට ඔඩු දුවා ඇති නාස්තිය අකර්යක්ෂමතාව ඉහ වහා යන දුෂණ ඥාති හිතවත් සංග්‍රහයන් මෙකී තත්ත්වයට හේතු වී ඇතැයි යන්න අමුතුවෙන් වටහා දිය යුතු කාරණාවක් නොවේ.
මෙයට මාස ගණනාවකට පෙර ආණ්ඩුව පාරම්බෑවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට ගෙන එන බවයි. ඒ සඳහා රජයේ ඉහළම නිලධාරී පිරිසක් ගුවන් යානයක් වෙනමම වෙන් කරවා ගෙන විදෙස් සංචාරයක නියැලී හිස් අතින් ආ හැටි ආණ්ඩුවට දැනටමත් අමතක විය හැකිව ඇති නමුත් ජනතාවට එය අමතක නැත.
ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාර හෝ වෙනත් ජාත්‍යන්තර තලයේ සම්මන්ත්රණ සඳහා නව අමතිවරුන්, ඉහළ පෙළේ නිලධාරීන් සහභාගි කරවනුයේ ද මේ ආකාරයටමය. අපට වඩා දියුණු රටවල්, පොහොසත් රටවල් සීමිත නියෝජිත පිරිසක සහභාගි කරවන විට අපේ රටේ නියෝජිත පිරිස් ජනතා මුදලින් විදෙස් ගත වනුයේ නඩ වශයෙනි.
ජනතාව තමන්ගේ කටහ කෝප්පයේ සිට මෙසේ වූ නාස්ති සඳහා වන්දි ගෙවන වග ආණ්ඩුවට අමතකය.
ඉහවහා යන නාස්තිය දූෂණය, ඥාති සංග්‍රහ ඇතැම් ආයතනවල ප්‍රධාන තනතුරුවලට ගැලපෙන තරම් සුදුසුකම් නොමැති නිලධරීන් පත් කිරීම, හිතවතුන්, දේශපාලන හෙන්චයියන් හිතුමනාපෙට උපදේශකවරුන් සේ පත් කිරීම තුළ සිදු වනුයේ රටේ ආර්ථිකය ආගාධයට වැටීම බව ආණ්ඩුව හිතාමතාම අමතක කර ඇති සේය. පසුගිය වසරේ මෙම කාල වකවානුව හා සසඳා බලන විට මෙරට කොටස් වෙළඳපොළ 35%න් කඩා වැටී ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. මෙයට සමගාමීව මිලන්කා මිල දර්ශකයන 23%න් පහත වැටී තිබිණි. ගත වූ සය මාසය තුළ සමස්තයක් ලෙස 11%න් කොටස් වෙළෙඳපොළ කඩා වැටී තිබේ. ඉන්ධන මිල ඉතා විශාල ලෙස ඉහළ දැමීම කොටස් වෙළෙඳපොළ කෙරෙහි ඇති කරනු ඇත්තේ තවත් ඍණාත්මක වූ බලපෑමකි. එය හරියට ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් වැනි දෙයකි.
දැන් අපි ගත් ණයවලට පොලී ගෙවීම සඳහා තව දුරටත් ණය ගන්නා ජාතියක් බවට පත් වී සිටින්නෙමු. මේ සියල්ල හමුවේ රටේ බහුතර ජනතාව සුදු අලියාගේ වල්ගයේ එල්ලී දිව්‍ය ලෝකයට යන්නට ගිය ගමරාළ ඇතුළු කණ්ඩායමගේ තත්ත්වයට ඇද වැටී තිබේ. මන්ද, මෙරට ඉතිහාසයේ භූමිතෙල් මිල වැඩිම මිලකින් ඉහළ දමා ඇත්තේ මෙවරය. එය රටේ ග්‍රාමීය ආර්ථිකයට සේම ධීවරයාට ද අහිතකර වු දෙයකි. සමස්තයක් ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම රටේ සමස්ත ආර්ථකයට වින කරන්නකි. එය නාගරික පන්තිය මධ්‍යම පාන්තිකයන් කෙරෙහි ඇති කරන්නේ අහිතකර වූ බලපෑමකි. එසේ ආණ්ඩුව සමෘද්ධි දීමනාව හා ගොවි විශ්‍රාම වැටුප ගෙවීම ගැන තවමත් නිහඬය.
මේ සියල්ල තුළ ජනතාවට දැන් සිදු වී ඇත්තේ ආණ්ඩුවේ නාස්තිය ¥ෂණ වංචා හිතමිත්‍ර සංග්‍රහවලට තමන් බොන කහට කෝප්පයෙන් පවා වන්දි ගෙවා ආණ්ඩුව විසින් ආශ්චර්යය තමන් හමුවේ මවා පානා තුරු බලා සිටීමටය.
මන්ද, ආණ්ඩුවේ ජනපීඩිත, ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාකලාපය හමුවේ බලා සිටිනවා විනා ඊට එරෙහිව ප්රජාතන්ත්රීය ලෙස සාමකාමීව විරෝධතා පළ කිරීමට හෝ ඇති අවසන් ඉඩකඩත් ආණ්ඩුව විසින් අහුරා දැමමින් සිටින නිසාය. ජනාධිපතිවරයා විසින් පසුගිය 10වෙනි දා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇති ආකාරයට ජනතා කැළඹීම්, ජනතා නැගිටීම් සන්නද්ධ ක්‍රියාමාර්ග වහාම වළකවා ලීමට ආණ්ඩුව සූදානම්ය. ඉන්ධන මිල ඉහළ දැමීම හුදෙක් මිල ඉහළ දැමීමක් නොව ජනතාවට මුහුණ දීමට සිදු වන අවසනාවන්ත ඉරණමක ආරම්භක පරිච්ෙඡ්දයක් යැයි අප කියන්නේ එබැවිනි. මේ දේවල් හමුවේ විපක්ෂයක් ලෙස අප තව කෙතරම් කාලයක නිහඩව සිටීම ද? ජනතාව සියල්ල විඳ දරා ගනිමින් තවත් කෙතරම් කාලයක් නිහඩව සිටියි ද? අප අපගේ හෘද සාක්ෂියෙන් දැන්වත් විමසා සිටිය යන කාලය එළඹ තිබේ.
කරු ජයසූරිය
එක්සත් ජාතික පක්ෂ
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

Source - lankanewsweb.com