Chitika Smowtion 468x60


Wednesday, February 15, 2012

‘‘ජනාධිපති, මාව අමාරුවේ දාලා’’ - ඇමති ජී.එල්


ජනාධිපතිවරයා තමාට පවරන එකිනෙකට පරස්පර රාජකාරී හේතුවෙන් මේ වනවිට තමාව ජාත්‍යන්තර ක්ෂේත‍්‍රය තුළ හෑල්ලූවට ලක්වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුගේ නිවසේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට පැමිණි ඇමතිවරයා එහි සිටි තමාට අතිශයින් හිතවත් කිහිප දෙනෙකු හමුවේ ඉහත කාරණය ප‍්‍රකාශ කර තිබේ. මෙම රාත‍්‍රී භෝජන සංග‍්‍රහය සඳහා සිංගප්පූරුවේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරයක ප‍්‍රධාන කළමණාකරුවෙකුද සහභාගී වී ඇත. 


වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි සතියේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හමුවීමේදී මතුවිය හැකි ගැටලූ පිළිබදවද මෙහිදී ඇමතිවරයා බොහෝ කරුණු පවසා ඇත. හිලරි ක්ලින්ටන් මහත්මිය මීට පෙර හමුවූ අවස්ථාවේදී, උගත් පාඩම් කොමිසම් වාර්තාව එළිදැක්වූ වහාම එහි නිර්දේශ ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයාගේ උපදෙස් මත තමා ඇයට සහතික වූ බවත්, එහෙත් ඒ කිසිත් ක‍්‍රියාත්මක කර නොමැති තත්ත්වය තුළ ඉදිරි හමුවේදී ප‍්‍රකාශ කළයුත්තේ කුමක්දැයි පිලිබදව තමා බරපතල අර්බුදයක සිටින බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.

ඇමරිකාවට පමණක් නොව, ඉන්දියාව හා යුරෝපා රටවල්වලටද ජනාධිපතිවරයාගේ උපදෙස් මත තමාදුන් පොරොන්දු කිසිවක් මේ දක්වා ක‍්‍රියාත්මක වී නොමැති බවද ඇමතිවරයා දැඩි කනස්සල්ලෙන් යුතුව පවසා තිබේ.

ජනාධිපතිවරයා පමණක් නොව චම්පික රණවක, විමල් වීරවංශ, බැසිල් රාජපක්‍ෂ යන ඇමතිවරුන්ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ කටයුතුවලට ඇඟලි ගසන බව පවසා ඇති ජී.එල්. පීරිස් මහතා, මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යාංශය මුලූමනින්ම අවුල් වී ඇතැයිද සඳහන් කර තිබේ.

එසේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් කල්ලි කණ්ඩායම්වලට බෙදී සිටින බවත්, සමහර නිලධාරීන් ඉන්දීයාවටත්, සමහරුන් යුරෝපයට හා ඇමරිකාවටත් අමාත්‍යාංශ ලේකම්වරයා චීනයටත් පක්ෂපාතීව කටයුතු කිරීම නිසා තත්ත්වය බරපතල වී ඇතැයිද හෙතෙම සඳහන් කර තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends