Chitika Smowtion 468x60


Wednesday, February 15, 2012

ජනාධිපතිවරයා ධීවරයෙක් බිල්ලට ගනී


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදැසන හලාවත ධීවරයෙකු බිල්ලට ගෙන තිබේ. අද උදැසන යළි විරෝධතා ආරම්භ වුවහොත් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා, මේ වනවිට නොනිල සේනාවිධයකයා ලෙස කටයුතු කරන ඔහුගේ සොහොයුරු ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දී තිබූ බවත්, ඒ අනුව විරෝධතා කරුවන්ට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම්වරයා හමුදා ප්‍රධානීන්ට නියෝග කර තිබූ බවත් අප ඊයේ රාත්‍රියේ වාර්තා කළේය.
ආරක්ෂක ලේකම්වරයාගේ එකී නියෝගය මත, අද පෙරවරුවේ දී ආරක්ෂක හමුදාවන් විසින් හලාවත නගරය තුළ උද්ඝෝෂණය කර ධීවරයින් පිරිසකට වෙඩි තබනු ලැබීය. ඉන්ධන මිල අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණය කළ එම ධීවරයින් පිරිසට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ආරක්ෂක හමුදාවන් වෙඩි තබනු ලැබීය.
එම වෙඩි ප්‍රහාරයෙන් ඇන්ටන් ප්‍රනාන්දු (38) නැමති ධීවරයකු මිය ගියේය. ඔහු තිදරු පියෙකු බව වාර්තාවේ. එම වෙඩි තැබීමේදී බරපතල තුවාල ලැබූ තිදෙනෙකු හලාවත රෝහලට ඇතුලත් කරනු ලැබූ අතර බරපතල තුවා ලැබූ ධීවරයකු වහාම කොළඹ ජාතික රෝහලට යවා තිබේ. කඳුළු ගෑස් උණ්ඩයක් පුපුරා යෑමෙන් එක් ධීවර තරුණයකුගේ අතට බරපතල තුවාල සිදු වී ඇති අතර ඔහුව හදිස්සි ශෙල්‍යකර්මයකට ලක් කර ඇත.
ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය මත අද උදැසන සිට මීගමුව, හලාවත, වෙන්නප්පුව, මහවැව යන ප්‍රදේශවල ආරක්ෂක හමුදා සීරුවෙන් තබා තිබී ඇති අතර එය උතුරු නැගෙනහිර යුද්ධය පැවති සමයේ එම ප්‍රදේශයේ පැවති තත්ත්වයට සමාන තත්ත්වයක් පෙන්නුම් කළ බව මීගමුවේ ධීවර ක්‍රියාකාරිකයෙකු අප වෙත පැවසීය.

Source - lankanewsweb.com

Share this article with your friends